මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “එක ම තීරයක් - එක ම මාවතක්” චීන ජනාධිපතිවරයාගේ සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල

    සැප්තැම්බර් 23, 2014
    චීන ජනාධිපති ෂී ජින් පිං Xi jinping මහතා තජිකිස්ථානයේ සහ දකුණු ආසියා රටවල සිදු කළ නිල සංචාරය වඩාත් සාර්ථක බව චීන රජය අවධාරණය කරයි.සංචාරයේ ප්‍රතිඵල සමාලෝචනය කරමින් චීන විදේශ අමාත්‍ය Wang yi මහතා මේ බව පසුගියදා පැහැදිලි කළේය.
     
    ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා තජිකිස්ථානය, මාල දිවයින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල දින නවයක කාලයක් සංචාරය කළ බවයි.

    එහිදී අදාළ කාලසීමාව තුළ නිල කටයුතු අවස්ථා 70කට පමණ ෂී ජින් පිං Xi jin ping මහතා සහභාගී වී තිබේ. “එක ම තීරයක් - එක ම මාවතක්” යන දිශා ඔස්සේ සේද මාවත ආර්ථික තීරය හා 21 වන සියවසේ මුහුදු සේද මාවත යන චීන සංකල්පය යථාර්ථයක් කිරීමට එමගින් මහඟු ශක්තියක් හිමිවූ බව චීන විදේශ අමාත්‍ය Wang yi මහතා එහිදී පෙන්වා දුන්නේය.

    තජිකිස්ථානයේ දුෂාන්බි අගනුවර පැවති ෂැංහයි සහයෝගිතා සංවිධාන පාලක මණ්ඩල නායක සමුළුව පිළිබඳව පැහැදිලි කළ විදේශ අමාත්‍යවරයා, ෂී ජින් පිං Xi jin ping මහතා එහිදී ඉතා වැදගත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බව පැවසීය. 
     

    ආගමික මැදිහත්වීම මත සිදුවන අන්තවාදය හා සයිබර් ත්‍රස්තවාදය පිටුදැකීම ඉන් ප්‍රධාන තැනක් ගන්නා බව ඒ මහතා පෙන්වා දුන්නේය. පොදුවේ ත්‍රස්තවාදය, අන්තවාදය හා බෙදුම්වාදයට එරෙහි නීති බලාත්මක කිරීම හා සංවිධානය තුළ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ෂැංහායි සහයෝගිතා සමුළු නායකයන් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කළේය. පොදු සමෘධිය සඳහා වෙළෙඳ හා ආයෝජන සබඳතා තර කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉල්ලීමක් කළ බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය. සේද මාවත ආර්ථික තීරය ගොඩ නැගීම සඳහා සියලු ම රටවල් සාකච්ඡා පාර්ශවකරුවන් හා නිරීක්ෂකයින් විය යුතු බවද ෂී ජින් පිං Xi jin ping මහතා එහිදී පැවසීය. එසේම එම සමුළුව අතරතුර රුසියානු ජනාධිපති වැලඩ්මියර් පූටින්  මහතා සමඟ චීන ජනාධිපතිවරයා ද්වි පාර්ශවික සාකච්ඡාවක් පැවැත්විණ. එමගින් චීනය - රුසියා සබඳතා තර කර ගැනීමටද පියවර ගැනුණු බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පැවසීය. අනතුරුව ඇරඹි දකුණු ආසියානු චාරිකාවේදී මාල දිවයින්, ශ්‍රී ලංකාව හා ඉංදියාව යන රටවල නායකයන් සමඟ නිල සාකච්ඡා පවත්වා තිබේ.
     
     
    චීනය සහ දකුණු ආසියානු කලාපය අතර සමීප සබඳතා මෙම සංචාරයත් සමඟ වඩාත් තර කර ගැනීමට මෙම සංචාරය වඩාත් ඉවහල් වී ඇත. ඒ සඳහා අදාළ විවිධ එකඟතා රැසක් එහිදී ඇති කර ගනු ලැබිණ. රටවල් හතර සමඟ එකඟතා ගිවිසුම් හා ප්‍රකාශන 60කට අත්සන් තබා ඇත. මින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සමඟ යි. ඒ ගිවිසුම් ගණන 27කි. ජනතා හුවමාරු සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන්වලටද ඉන් ප්‍රවේශ ලැබුණු බව පෙන්වා දුන් චීන විදේශ අමාත්‍යවරයා, ඉන්දියාවේදී පැවැත් වූ දේශනය තුළින් ආසියාවේ සංවර්ධනයන් සඳහා ත් රටවල් අතර සාමකාමී සහජීවනය උදෙසාත් චීනයේ දැක්ම මනාව පැහැදිලි කළ බව චීන විදේශ අමාත්‍ය Wang yi මහතා පෙන්වා දුන්නේය. මෙම සංචාර කාල සීමාව තුළ චීන ජනාධිපති ආර්යා පෙං ලී යුවන් මහත්මියද සමාජ සුබසාධන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් රැසකට සහභාගී වූ බව විදේශ අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    -  ශි යුයැ ( Shi Yue) බෙයිජිං නුවර සිට
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya