අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි-20 ලෝක කුසලානයට කණ්ඩායම හොඳ සූදානමින් - නායිකා චමරි අතපත්තු

    පෙබරවාරි 02, 2023
    එළැඹෙන 2023 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සඳහා තම කණ්ඩායම පුහුණු වීම් කටයුතු සාර්ථකව නිරත වෙමින් හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසයි.
     
    ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය හා නිල අනුග්‍රාහකත්වය පිරිනැමීම සඳහා ඊයේ(02) පැවති මාධ්‍ය හමුව අතරතුරේදී අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා. මෙහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය නිරූපිකාවන් පිරිසක් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රදර්ශනය කළ අතර, අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වෙත එම ජර්සිය නිල වශයෙන් පිළීගැන්වීම සිදු විය.

    දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය හා නිල අනුග්‍රාහකත්වය දැරීම සඳහා දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings වෙතින් හා නිල අනුග්‍රාහකත්වය ඉන්දියාවේ NB සමූහ ව්‍යාපාරයට අයත් Cycle පිවිතුරු හඳුන්කූරූ සන්නාමය වෙතින් සවිබල ගැන්වී තිබෙනවා.

    මාධ්‍ය හමුව අතරතුරේදී වැඩිදුරටත් අදහස් දැක්වමින් චමරි කියා සිටියේ, දකුණු අප්‍රිකාවේ තිබෙන වේග පන්දුයවන්නන්ට උචිත තණතීරු සඳහා අවශ්‍ය පෙර සූදානම මේ වන විටත් සිදු කර ඇති බවත්, අවුරුදු 17න් පහල සහ අවුරුදු 15න් පහල කණ්ඩායම් සමග පුහුණු තරඟ මෙන්ම හම්බන්තොට ක්‍රීඩාංගණයේ දී රාත්‍රී ආලෝකය මධ්‍යයේ දින 9ක පුහුණු සැසියකට ද සහභාගී වෙමින් හොඳ සූදානමක් ලබා ගත් බවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා හා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 01 වැනිදා පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක,  Cycle පිවිතුරු හඳුන්කූරූ සන්නාමයේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන් රංගා මහතා, MAS Active වෙළද සාමාන්‍යාධිකාරී නිමේෂ් අමලින් මහතා,  Cycle pure Incense හී නියෝජ්‍ය සභාපති සුබ්‍රමනියම් ඊස්වරන් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් අළෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා හා   MAS Holdings ආයතනික කටයුතු අධ්‍යක්ෂිකා රජිතා ජයසූරිය මහත්මිය ඇතළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya