මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි-20 ‌ලෝක කුසලානයට ශ්‍රී ලංකා කාන්තා පිළ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යයි

    පෙබරවාරි 03, 2023

    2023 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(02) පස්වරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා. ඒ ක්‍රිකට් ආයතනයේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුවයි.

    තරඟාවලිය පෙබරවාරි මස 10වන දින දකුණු අප්‍රිනකාවේ කේප්ටවුන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර අවසන් මහා තරඟය පෙබරවාරි 26 වනදා පැවැත්වීමට නියමිතයි. මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වදිනවා.

    ශ්‍රී ලංකා පිළ ඇතුළත් වන 'A' කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම්ද ඇතුළත් වනවා. 'B' කාණ්ඩය යටතේ එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ඇතුළත්ව තිබෙනවා.

    පලමු තරඟය ලබන 10 වනදා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි. මේ වන විට ශ්‍රී ලංකාව ICC කාන්තා විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 8 වන ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව 5වන ස්ථානයේ පසුවනවා.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායක), ඔෂධී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, සත්‍යා සංදීපනී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂානි නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කංචනා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya