මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි-20 කාන්තා ලෝක කුසලානයේ පළමු ජය ශ්‍රී ලංකාවට

    පෙබරවාරි 13, 2023

    විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාරම්භය සනිටුහන් කරමීන් පැවැති පළමු තරගයේම සත්කාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තියුණු තරගාවසානයකින් පසු ලකුණු 03 ක පෙරැළිකාර ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

    කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය (10 දින) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වුණා. ඒ අනුව පළමු තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

    කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකානු නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පනදුවාර 20 අවසනදි කඩුලු 4 ක් දැවී ලකුණ 129 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිලට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි.

    මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් දැවී ලකුණු 129ක් රැස් කළා. එහිදී නායක චමරි අතපත්තු ලකුණු 68ක් රැස් කරගත් අතර විශ්මි ගුණරත්න ලකුණු 35ක් රැස් කළා. පන්දු යැවීමේ දී ද.අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ෂබ්නිම් ඉස්මයිල්, මර්සාන් කැප් සහ නඩීන් ද ක්ලාක් විසින් කඩුල්ල බැගින් බිඳ දැම්මා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ රැස් කරගැනීමට හැකිවුණේ කඩුළු 09ක් දැවී ලකුණු 126ක් ප මණයි. එහිදී නායක සුනේ ලූස් විසින් ලකුණු 28ක් රැස් කළා.පන්දු යැවිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුළු 03ක් සහ සුගන්ධිකා කුමාරි සහ ඕෂධී රණසිංහ කඩුළු 02ක බැගින් බිඳ දැම්මා.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් හිමි වූ අතර තරඟයේ වීරයා ලෙස චමරි අතපත්තු පත්වුණා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya