අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    පෙබරවාරි 02, 2023

    දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

     

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරන ලද විශ්මි ගුණරත්න ද ඇතුළත්ව සිටිනවා. ඒ අනුව කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, විශ්මි ගුණරත්න සහ තාරිකා සෙව්වන්දි යන ක්‍රීඩිකාවන් මෙවර තරඟාවලියේදී පලමු වරට ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරනු ලබනවා.

    විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිල පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පළමු වටයේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටිති. මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට පුහුණු තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර අයර්ලන්තයට එරෙහිව පෙබරවාරි 06 වැනිදාත්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 08 වැනිදාත් තරග වැදීමට නියමිතය.

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් තරගාවලිය පෙබරවාරි 10 වැනිදා ආරම්භ වන අතර පෙබරවාරි 12 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, පෙබරවාරි 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් සහ පෙබරවාරි 19 වැනිදා නවසීලන්තයට එරෙහිවත් තරග වදිනු ඇත. මූලික වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක බැගින් දෙවැනි වටය හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය පෙබරවාරි 26 වැනිදා කේප්ටවුන් නුවරදී පැවැත්වේ.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (02) දකුණු අප්‍රිකාව බලා පිටතව යාමට නියමතයි.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායක), ඔෂධී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, සත්‍යා සංදීපනී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂානි නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කංචනා. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya