අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියවට ලකුණු 67ක ජයක් - දසුන්ගෙන් සටන්කාමී ඉනිමක්

    ජනවාරි 11, 2023

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ලකුණු 67 ක ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 373 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන්,Virat Kohli ලකුණු 113 ක්, Rohit Sharma ලකුණු 83 ක් හා Shubman Gill ලකුණු 70 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 3 ක්, දිල්ෂාන් මදුසංක, චාමික කරුණාරත්න, දසුන් ශානක හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 306 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 72 ක්, ධනංජය ද සිල්වා ලකුණු 47 ක් හා තරඟයේ අවසන් පන්දු වාරය තෙක් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක නොදැවී ලකුණු 108ක් රැස් කළේ, හයේ පහරවල් 3ක් හා හතරේ පහරවල් 12ක්ද සමගිනි.

    ඒ් අනුව පලමු තරඟය ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දීය පිළ සමත් වූ අතර විරාත් කෝලි තරඟයේ වීරයා බවට පත්වුනා. තරඟාවලිය 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා. දෙවන එක්දින තරඟය හෙට(12) Eden Gardens ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya