මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    6 වන දකුණු ආසියානු කරාතේ ශුරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

    නොවැම්බර් 25, 2022

    6 වන දකුණු ආසියානු කරාතේ ශුරතාවලිය -2022 මෙවර ශ්‍රී ලංකාවේදී නොවැම්බර් මස 28 වන දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

     

    මේ සඳහා ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ පකිස්ථානය ඇතළුව සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව දායකත්වය සපයමින් රටවල් 6ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික පිරිසක් සහභාගී වෙයි.

    මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (25) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අතර, කරාතේ දෝ සම්මේලනයේ ලේකම් බී. එම් කීර්ති බස්නායක මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා ගැනීමට විශාල පරිශ්‍රමක් ගත් බවය.

    මෙරට ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් වැඩිපුර ලබා ගැනීමටත් හා රටට විදේශ මුදල් ලබා ගැනීමේ හොඳ අවස්ථාවක් ද මෙම තරඟාවලිය මගින් හිමිවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් බස්නායක මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ පවතින ක්‍රීඩා අතුරින් සංගම් 460ක සාමාජිකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික සංගමය ලෙස ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය සැලකෙන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    6වන දකුණු ආසියානු ශුරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබීම රටට මෙන්ම කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ අවස්ථාවක් බව මෙම මධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කරාතේ දෝ සම්මේලනයේ කළමණාකාර දේශාදි කුරේ මහතා පැවසීය.

    2021 වසරේ පාසල් ශූරතාව, 2021 ජාතික ශූරතාවය හා 2022 වසරේ සංවිධානය කළ විවෘත තරඟවලිය ඇතුළු තරඟාවලි වලින් ජයග්‍රහණය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර තරඟාවලිය වෙනුවෙන් තෝරා ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

    මෙම මාධ්‍ය හමුව සඳහා කරාතේ දෝ සම්මේලනයේ ලේකම් බී. එම් කීර්ති බස්නායක මහතා, කරාතේ දෝ සම්මේලනයේ කළමණාකාර දේශාදි කුරේ මහතා සහ ජාතික කරාතේ තේරීම් කමිටු සාමාජික ඇග්න දිනේෂ් මහතා සහභාගී විය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya