අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ‘‘01 වන ජාතික කිඩෝරිය‘' කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී

    නොවැම්බර් 28, 2022

    ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ඵෙතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ‘‘01 වන ජාතික කිඩෝරිය‘ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගිය (26) වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී පැවැත්විණි.

    ‘‘සිඟිති ලොවට හෙට දවසක්‘‘ යන්න තේමා කරගනිමින් පැවැති මෙම කිඩෝරියට සිඟිති බාලදක්ෂ දරු දැරියන් 6000කට අධික පිරිසක් සහභාගිත්වයෙන් පැවැත්වුණ අතර ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම් හා විනෝදාත්මක වැඩසටහන් රැසක් මෙහිදි ක්‍රියාත්මක විණි. සිඟිති දරුවන්ගේ හැකියාවන් පෙන්නුම් කරලීමට මෙය මහඟු අවස්ථාවක වූ බව සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය පැවැසූවාය.

    බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘ජම්බෝරිය‘‘ ද, පෝතක බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘කබෝරිය‘‘ ද පවත්වන අතර සිඟිති බාලදක්ෂ දරු දැරියන් වෙනුවෙන්ගේ ජාතික මට්ටමින් ඒකරාශී වීම ‘‘කිඩෝරිය‘‘ නමින් හැදින් වේ.

    20214 වසරේ නොවැම්බර් මස 13 වැනිදා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට අලුතින් සිඟිති බාලදක්ෂ අංශය ආරම්භ කළ අතර වයස අවුරුදු 5-7 අතර පසුවන දරු දැරියන් සිඟිති බාලදක්ෂ අංශයට ඇතුළත් වේ.

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය ඇතුළු සංවිධායක මණ්ඩලය විසින් මෙය මෙහෙය වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya