අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තියුණු තරඟයකින් පසු ඉන්දියාවට ලකුණු 2ක ජයක්

    ජනවාරි 03, 2023

     ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 2 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

    තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුව යැවීමට තීරණය කළා. පිතකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ වැන්කඩේ තණතිල්ලේ ලකුණු 200ක ඉලක්කයක් ඉතා පහසු වුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ප්‍රභල ඉන්දීය පිතිකරු බලඇණිය පන්දුවාර 20දී කඩුලු 5ක් දවා ගනිමින් ලකුණු 162කට සීමා කිරීමට සමත් වුනා.

    පන්දුවට පහරදීමේදී Ishan Kishan ලකුණු 37 ක්, නොදැවී පන්දුවට පහරදුන් Deepak Hooda ලකුණු 41 ක් හා Axar Patel ලකුණු 31 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී දිල්ශාන් මදුසංක, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා හා වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 163 ක්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 160 ක් පමණයි. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 45 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 28 ක්, වනිඳු හසරංග ලකුණු 21 ක් හා අවසන් පන්දුව දක්වා තියුණු සටනක නිරත වූ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 23 ක් ලබා ගැනීමට සමත් වුණා.

    තම මංගල ජාත්‍යන්තර විස්සයි-20 තරඟයට සහභාගීවී ලකුණු 22කට කඩුලු 4ක් දවාගත් Shivam Mavi තරඟයේ වීරයා බවට පත්විය. ඒ් අනුව තරඟ 3කින් යුත් විස්සයි-20 තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්වුනා.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya