අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්දින තරඟාවලියක් සඳහා ඇෆ්ගනිස්ථාන පිළ දිවයිනට

    නොවැම්බර් 23, 2022

    ශ්‍රී ලංකාව සමඟ තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියකට සහභාගීවීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම (22) මෙරටට පැමිණියා.

    පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු දෙරටම සහභාගීවන පලමු තරඟාවලියද මෙයයි.

    පලමු තරඟය ලබන 25 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. පිළිවෙලින් ලබන 27 හා 30 යන දෙදිනයන්හිදී දෙවන හා තෙවන තරඟ ද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු Mohammad Nabi නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු Hashmatullah Shahidi විසින් මෙම ත‍රඟාවලියේදී ඇෆ්ගනිස්ථාන පිළ මෙහෙයවනු ලබනවා.

    ඇෆ්ගනිස්ථාන සංචිතය : Hashmatullah Shahidi (capt), Rahmat Shah (vice-capt), Rahmanullah Gurbaz (wk), Azmatullah Omarzai, Fareed Ahmad, Fazalhaq Farooqi, Gulbadin Naib, Ibrahim Zadran, Ikram Alikhil (wk), Mohammad Nabi, Mujeeb Ur Rahman, Najibullah Zadran, Noor Ahmad, Rashid Khan, Riaz Hassan, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia-ur-Rehman

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya