අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාපන්දු සම්මේලනයේ නිළවරණය පැවැත්වීමට නිළවරණ කමිටුව රැස්වෙයි

    නොවැම්බර් 15, 2022

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අදාළව ගොනුකර තිබූ අභියාචනාධිකරණ නඩු වාරයේ දී ලබා දුන් තීරණය අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට අදාළ විශේෂ මහසභා රැස්වීම 11 වන දින පෙ.ව. 10 ට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සාර්ථක ලෙස පවත්වා අවසන් කරන ලදී.

    එහි දී 2022-2023 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුව ලෙස නිළධාරීන් තිදෙනෙක් නිතරඟයෙන් නිලවරණ කමිටු සාමාජිකයින් ලෙස තේරී පත්විය.

    සභාපති වශයෙන් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු යූ.එල් මජීඩ් මහතා හා කමිටු සාමාජිකයින් වශයෙන් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.එල්. බන්ධුල කුමාර අතපත්තු මහතා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරී සිරිපාල මැදවැව මහතා ඒ අනුව පත්වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya