අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බට්ලර් T20 ලෝක කුසලානය එංගලන්තයට ‌රැගෙන යයි

    නොවැම්බර් 13, 2022

    පකිස්තානය පරදවමින් 2022 T20 ලෝක කුසලානය දිනා ගැනීමට ප්‍රභල එංගලන්ත කණ්ඩායම අද (13) සමත් වුණා.

    ඒ එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.

     

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබා ගැනීමට සමත් වුණා. නායක බාබර් අසාම් ලකුණු 32ක් හා ෂාන් මෂූඩ් ලකුණු 38ක් ලබා ගනිමින් එංගලන්ත පිලේ දක්ෂ පන්දුයැවීම හමුවේ පකිස්තාන ලකුණු පුවරුව ලකුණු 137ක් දක්වා රැගෙන ගියා. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් සෑම් කරන් කඩුල් 3ක් හා අදිල් රෂීඩ් කඩුලු 2බැගින් ලබා ගැනීමට සමත් වුනා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර ඒ අනුව ඔවුන් 2022 T20 ලෝක කුසලානය දිනා ගැනීමටද සමත් වුණා. 2019 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන ගිය ආකාරයෙන්ම මෙවර 20-විස්ස ලෝක කුසලාන අවසාන තරඟයද ජයග්‍රහණය කරා රැගෙන යමින් බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 52ක් රැස් කලේ තරඟය අවසාන වනතුරු කඩුල්ලේ රැඳී සිටින් වීම විශේෂත්වයක්. ආබාධ හේතුවෙන් ඩේවිඩ් මලාන් හා මාර්ක් වුඩ් මෙම තරඟය සඳහා සහභාගී නොවූවද ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත් වුනා.

    අවසන් මහා තරඟයේ මෙන්ම තරඟාවලියේ වීරයාට හිමි සම්මානය හිමි කරගත්තේ තරඟාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ සෑම් කරන් විසිනි. ඒ අනුව එංගලන්ත පිළ වසර 12කට පසු නැවතත් 20-විස්ස ලෝක කුසලානය හිමිකර ගත්තේ දෙවැනි වරටයි. මීට පෙර 2010 වසරේදී පෝල් කොලින්ග්වුඩ්ගේ නායකත්වයෙන් 20-විස්ස ලෝක කුසලනය ‍හිමි කර ගැනීමට එංගලන්තය සමත් වුනා.

    මෙවර තරඟාවලියේ පිතිකරුවන් අතුරෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ තරඟ 6කදී ලකුණු 296ක් ලබා ගත් විරාත් කෝලි වන අතර තරඟ 8කදී කඩුලු 15ක් ලබාගත් වනිඳු හසරංග පන්දු යවන්නන් අතුරෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත් වුනි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya