මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩකයින් ඇපයට නොගෙන ක්‍රීඩා සංගම් තුළ ඇති නිළධාරීන්ගේ ගැටලු විසදාගන්න -අමාත්‍ය රොෂාන් රණසිංහ

    නොවැම්බර් 02, 2022

    ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ තේරීම් තරඟ පැවැත්වීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වූවා. ක්‍රීඩකයෙකුට යම් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ගේ වගකීමක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසූවේ, ඊයේ (01) දින ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය.

    ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ පසුගිය දා පැවති තේරීම් තරඟ සඳහා කවින්ද රන්සිළු ජයතිලක ක්‍රීඩකයා සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් පිළිබඳව මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. ඒ පිළිබදව සංගමයේ සභාපතිවරයාගෙන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් විමසීම් කළ අතර, රන්සිළු ක්‍රීඩකයාට අහිමි වූ එම අවස්ථාව නැවත ලබා දිය යුතු බව පැවසීය.

    ඒ අනුව ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ තේරීම් තරඟ ජාත්‍යන්තර නීති රීති හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මීලඟ සෙනසුරාදා (05) නැවත පැවැත්වීමට උපදෙස් ලබා දෙන ලදි. මෙම තේරිම් තරගය පෙර තේරිම් තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව අහිමි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකවන්ටද දැනුම් දෙන ලෙසත් අදාල තරගාවලි කාණ්ඩ යටතේ පැවැත්විය යුතු බවත් දන්වන ලදී. ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමය යටතේ බර පන්ති 8 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සවි එසවීමේ ක්‍රීඩාවේ නියැලේ.

    නොවැම්බර් 29 දින සිට දෙසැම්බර් 04 වන දින දක්වා නවසීලන්තයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය හා දෙසැම්බර් 04 වන දින සිට දෙසැම්බර් 08 වන දින දක්වා ඩුබායිහි පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලිය සඳහා සූදානම් වීම, පුහුණුවීම් කටයුතු, තේරීම් තරග, වීසා පහසුකම් පිළිබඳව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා විය.

    මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා හා යෞවන කටයතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ සභාපති කපිල පෙරේරා යන මහත්වරු එක් වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya