අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනිදු විස්සයි - 20 ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට

    නොවැම්බර් 03, 2022

    අයි. සී. සී. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි- 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානය දක්වා නැවතත් ඉහළ පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

    ඒ ප්‍රසාද ලකුණු 697ක් හිමි කරගනිමින්.

    මේ වන විට ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරඟාවලියේ දැනට පවත්වා ඇති තරඟ අතුරෙන් වැඩි කඩුම ලාභියා ලෙස ප්‍රමුඛස්ථානය ගැනීමට වනිඳුට හැකිව තිබෙනවා. එහිදී තරඟ 7කට සහභාගී වෙමින් වනිඳු හසරංග කඩුළු 13ක් ලාබා ගෙන ඇත්තේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 8කට කඩුලු 3ක්ද වාර්තා කිරිමින්.

    අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වල පලමු ස්ථානය ප්‍රසාද ලකුණු 700ක් ලබා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රෂඩ් ඛන් හිමිකර ගෙන ඇති අතර Tabraiz Shamsi, Josh Hazlewood හා Mujeeb Ur Rahman පිළිවෙලින් තෙවන, සිව්වන හා පස්වැනි ස්ථාන වල පසු වනවා. මීට අමතරව මහේෂ් තීක්ෂණ ද එම ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථනයට පත්ව තිබෙනවා.

    වනිඳු හසරංග ජාත්‍යන්තර පන්දුවාර විස්සයි- 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේද පසුවනවා. මීට පෙර වනිඳු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි- 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයට පැමිණීමට ද සමත් වුනා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya