අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනිඳු නැවතත් අංක 01 ට පැමිණෙයි

    නොවැම්බර් 10, 2022

    ජත්‍යන්තර T20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ නැවත වරක් ප්‍රසාද ලකුණු 704ක් හිමි කරගනිමින් ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබේ. 

    ප්‍රථම ස්ථනයේ සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ රෂඩ් ඛාන් දෙවන ස්ථානයට පත්ව ඇති අතර Josh Hazlewood, Tabraiz Shamsi, හා Adam Zampa පිළිවෙලින් තෙවන, සිව්වන හා පස්වැනි ස්ථානවල පසු වෙයි. මීට අමතරව මහේෂ් තීක්ෂණ ද එම ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථනයට පත්ව තිබේ. එමෙන්ම මහීෂ් තික්ෂණ මෙම වර්ගීකරණයේ 10 වන ස්ථානයේ රැඳී සිටි. ඔහු මීට පෙර 9 වැනි ස්ථානයේ රැඳී සිටියේ ය.

    වනිඳු අවසන් වරට පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටියේ 2021 නොවැම්බර් මාසයේදීය. ඔහු පසුගිය වර්ෂය අවසන් කළේ එම වර්ෂයේ වැඩිම කඩුලු ලාභියා ලෙසිනි. ජාත්‍යන්තර T20 තරඟ 52කදී කඩුලු 86ක් ලබාගෙන ඇති වනිඳු හසරංග, ලකුණු 9කට කඩුලු 4ක් ලබා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya