අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරඟය අද

    නොවැම්බර් 01, 2022

    පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරඟය අද(01) පැවැත්වෙනවා. තරඟය මෙරට වේලාවෙන් බ්‍රිස්බේන් හිදී පෙ.ව. 9.30ට ආරම්භ වීමට නියමිතයි.

    අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රි ලංකා පිළ අද තරඟය ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය සහ ලබන 5 වැනිදා එංගලන්තය සමඟින් වන තරගය වැඩි ශුද්ධ ලකුණු වේගයක් සහිතව ජය ගැනීමට සමත් වුවහොත් ඔවුනට අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමේ සියුම් අවස්ථාවක් තිබේ.

    ඇෆ්ගනිස්ථානය පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම කණ්ඩායම බවට පත්ව සිටින අතර ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටිනවා. ගැබා ක්‍රීඩාංගණයේදී හෝබාර්ට් සහ පර්ත් ක්‍රීඩාංගණ වල මෙන්ම පන්දුවේ ඉපිලීම සහ දෝලනය සහිත තණතීරුවකි.

    මීට අමතරව අද දිනයේ ශ්‍රී ලංකා පිළට තීරණාත්මක වන තවත් ප්‍රභල තරඟයක් නවසීලන්තය හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි. එම තරඟයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා පිළට තීරණාත්මක සාධකයක් වනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya