අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෘත්තීය බොක්සිං තරඟාවලියක් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ දී

    ඔක්තෝබර් 31, 2022

    ජාත්‍යන්තර වෘත්තීය බොක්සිං තරඟාවලියක් වන Countdown to the Middle East Crown බොක්සිං තරඟාවලියේ 5 වැනි අදියර 2022 නොවැම්බර් 26 වන දින ප.ව. 3.00 සිට ශ්‍රී ලංකාවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ DJMC Events Dubai සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය මීට පෙර ඉන්දියාවෙදී පැවැත්වීමට නියමිතව තිබුණත්, ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධකාරී තත්වය සැලකිල්ලට ගනිමින් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇත.

    මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී අද(31) පැවැත්වුනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ රටක් ලෙස විදේශ විනිමය අර්බුදයක සිටින අවස්ථාවේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය රැගෙන ඒ්මට ඉවහල් වන මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු සහය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් ලබා දීමට කටයුතු කරන බවයි.

    “බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉතා ඉහළ උනන්දුවක් පවතින රටක් ලෙස අප ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණ පෙරදැරිකරගනිමින්, විශේෂයෙන් බොක්සිං ක්‍රීඩාව සඳහා වන ඔවුන්ගේ උනන්දුව ඉහළ නැංවීම තුළින් රටේ ආර්ථික දියුණුව සඳහා ප්‍රදර්ශන ගෙන ඒමේ අරමුණින් Countdown to the Middle East Crown බොක්සිං තරඟාවලියේ 5 වැනි අදියර සඳහා සත්කාරක සමාගම ලෙස අප ශ්‍රී ලංකාව තෝරා ගැනීමට කටයුතු කළා” යනුවෙන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ තරඟාවලියේ සංවිධාන කටයුතු සිදුකරන DJMC සමාගමේ සභාපති ඩන්ස්ටන් රොසයිරෝ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

    මෙම තරඟාවලිය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව, තායිලන්තය, යුක්‍රේනය, ටජකිස්ථානය, පකිස්තානයථ පිලිපීනය සහ ඝානාව ඇතුලු රටවල් 14කින් ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩකයන් 18ක් සහ ලෝක ශූර බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද සහභාගී වීමට නියමිතයි. FITE TV නාලිකාව ඔස්සේ රටවල් 34ක් වෙත තරඟාවලියේ විකාශන කටයුතු සිදු කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya