අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට අද ප්‍රභල අභියෝගයක්

    ඔක්තෝබර් 25, 2022

     විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (25) පැවැත්වෙයි.

    ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි. ආබාධයට ලක්ව සිට විවේවක ගන්වා සිටි පැතුම් නිශ්ශංක අද දිනයේ පැවැත්වෙන තරඟයට එක්වීමට හොඳ සූදානමකින් සිටින බවත් බොහෝ විට ඔහු හෙට තරගයට ක්‍රීඩා කරාවි යැයි තරගය පිළිබඳව ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේදී මහීෂ් තීක්ෂණ සඳහන් කර සිටියේය.

    “ඇත්තටම සරළ සැලසුම්ක තියෙනවා. අපි නිරතම උත්සාහ කරන්නේ අපේ පන්දුවාර 4 දී ලකුණු 24 කට කඩුවෙන් තියාගෙන පන්දු යවන්න. අන්න ඒ නිසා තමයි අපිට ගොඩක් වටිනා කඩුලු දවා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එය අපි ඉනිමේ මැද මෙන්ම අග හරියෙදිත් හොදට කරනවා” යැයි වනිඳු හසරංග සමඟ පන්දු යැවීමේදී භාවිතා කරන සැලසුම පිළිබඳව විමසීමේදී තීක්ෂණ අදහස් දක්වා සිටියේය.

    පිතිකරුවන්ට වැඩි දායකත්වයක් දක්වනු ඇතැයි සඳහන් පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගණයේදී පන්දුවේ ඉපිලීමද යහමින් දැක ගත හැකි තණතීරුවකි. ක්‍රීඩාංගණයේදී මෙතෙක් පවත්වා ඇති තරග අතුරින් ජයග්‍රාහී සාමාන්‍ය 162 ක් වශයෙන් මෙහි සටහන් වේ.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බල ඇණිය පිළිබඳව අදහස් දක්වා සිටින ප්‍රතිවාදී පිලේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් සඳහන් කර සිටින්නේ මෙවැනිනකි. “ඇත්තටම ඔහු ඉතාම හොද පන්දු යවන්නෙක් නිසා ඔහුට එරෙහිව අපි හොද ප්‍රතික්‍රියාවක් දැක්විය යුතුයි” යැයි ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙම වසරේදී වනිදු ක්‍රීඩා කරන ලද විස්සයි-20 තරග 5 දී කඩුලු 10 ක් දවා ගැනීමට සමත්ව සිටින වනිඳු හසරංග පිළිබඳව මාෂ් සඳහන් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya