අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලිය - මැරතන්, පාපැදි රේසිං තරඟ සාර්ථකව නිමාවෙයි.

    ඔක්තෝබර් 10, 2022

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව නෙස්ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රාහකත්වය මත සංවිධානය කළ 47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියට සමඟාමීව ගම්පහ නගරය කේන්ද්‍ර කරගනිමින් (08) දින පැවති මැරතන් (කාන්තා/පිරිමි) / පාපැදි රේසිං (කාන්තා) තරග ඉතා සාර්ථකව නිමාවට පත්විය.

    ගම්පහ උඩුගම්පොල අළුත් පාලම අසලින් ආරම්භ වූ මැරතන් (කාන්තා/පිරිමි) / පාපැදි රේසිං (කාන්තා) තරගයන්හි සමාරම්භය සිදු වූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා, ගම්පහ නගරාධිපති එරංග සේනාරත්න මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, එහි අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහතා, මළල ක්‍රීඩා සංගමයේ සභාපති ජනරල් පාලිත ප්‍රණාන්දු මහතා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්.එස්.සත්‍යානන්ද මහතා, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති රුවන් වැලිකල මහතා, එහි ජ්‍යේෂ්ඨ අලෙවි ප්‍රවර්ධන කළමණාකරු සජීව වික්‍රමසිංහ මහතා, සන්නාම කළමණාකරු අවීන් පතිරගෙ මහතා ඇතුලු එහි නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya