අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ බන්ජි ජම්පින් ක්‍රීඩාව ජනවාරි මස නෙළුම් කුළුණේ දී ඇරඹේ

    ඔක්තෝබර් 07, 2022

    ශ්‍රී ලංකාවේ බන්ජි ජම්පින් ක්‍රීඩාව (Bungee Jumping ) ආරම්භ කිරීම සඳහා විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීම අද (07) නෙළුම් කුළුණ පරිශ්‍රයේ දී සිදු විය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පැහැදිළි කළ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (විශ්‍රාමික ) මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ ,ලෝකයේ ඇති කුළුණු අතරින් උස අනුව 19වන ස්ථානය නෙළුම් කුළුණට හිමිවී ඇති බවයි.

    බන්ජි ජම්පින් ක්‍රිඩාව සඳහා නෙළුම් කුළුණ තෝරා ගැනීම විදේශිය සමාගමට සහ ශ්‍රි ලංකාවට නව අත් දැකීමක් බව පැවසූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා, මෙම ක්‍රිඩාවෙහි නියැලෙන 40,000 ක් 50,000ක් පමණ ලෝකයේ විවිධ රටවල සිටින බවත් එම සාමාජිකයන් සියලුදෙනා ශ්‍රි ලංකාවේ නෙළුම් කුළුණේ මෙම ක්‍රිඩාව ආරම්භ කිරිමට ඉතාම කැමැත්තෙන් සිටින බවද කීය.

    එසේම මෙම ක්‍රීඩාව සඳහා 100%ක ආයෝජනය විදේශිය සමාගම සතුවන අතර 15% ක අදායමක් ශ්‍රි ලංකාවට හිමිවන බවත්
    ලෝකයේ ප්‍රචලිතව ඇති මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ද ආරම්භ කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව ද නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේය.

    එළැඹෙන ජනවාරි මස මෙම ක්‍රීඩාව නෙළුම් කුළුණේ දී ආරම්භ කරන බවත් මෙය සංචාරක කර්මාන්තයේ ඉමහත් ආකර්ෂණයට ලක් වනු ඇති බවත් සමරසිංහ මහතා පැවසීය. නෙළුම් කුළුණ විවෘත කර දවස් 20ක කාලයක් ඇතුළත විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව ඇති බවත් මේවන විට උපයා ඇති ආදායම මිලියන 72කට ආසන්න බවද සමරසිංහ මහතා සඳහන් කළේය .

    ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන ඉතා හොඳ ආයෝජන කලාපයක් බවට නෙළුම් කුළුණ ඉදිරියේදි පත්වන බව විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya