අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගී වන ජාතික නෙට්බෝල් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ.

    අගෝස්තු 30, 2022

    2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගී වන ජාතික නෙට්බෝල් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ.

     සැප්තැම්බර් 03 දින සිට සැප්තැම්බර් 11දින දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සදහා සහභාගී වන ජාතික නෙට්බොල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හා නිළධාරීන්  (29) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.

    එහිදී අමාත්‍යවරයා ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා තරගාවලිය සදහා සූදානම්කර තිබෙන පහසුකම් පිළිබදව විමසීය. ජාතික නෙට්බෝල් සංගමයේ සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ප්‍රකාශ කර සිටියේ කණ්ඩායමේ පුහුණු කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බවත්, සිංගප්පූරුවේ දී අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති බවත් ය.

    ක්‍රීඩිකාවන්ගේ ආහාර හා නවාතැන් පහසුකම් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ක්‍රීඩිකාවන්ගේ නවාතැන් වෙන් කර ඇති කාමර සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේනම් අමතර කාමරයක් වෙන් කර ගැනීමටත්, ක්‍රීඩිකාවන්ගේ ආහාර සඳහා දිනකට වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ක්‍රීඩා අරමුදල හරහා වෙන් කර දෙන ලෙසත් අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට එහිදී උපදෙස් ලබා දුණි.

    සාකච්චාවෙන් අනතුරුව අමාත්‍යවරයා ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සදහා සහභාගී වන ජාතික නෙට්බෝල් කණ්ඩායම හා එහි නිළධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

    මෙම අවස්තාවේදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    තේරීම් තරගවලිදී යම් යම් අභියාචනයන් ඉදිරිපත් කර තිබුණා. එය සාමාන්‍ය තත්ත්වයක්. දක්ෂ ලෙස තරග කළ පසුත් මට අවස්ථාව නොලැබුණේ ඇයි කියන හිත් වේදනාවන් පොදුවේ හැමෝටම ඇති වෙනවා. මෙවර කොවීඩ් තත්ත්වය මත 15 දෙනෙකු සදහා කණ්ඩායමට තෝරාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. මනා පුහුණුව හා සළසා ඇති පහසුකම් ප්‍රයෝජනයට ගෙන අපේ රටට විශිෂ්ඨ ජයග්‍රහණයන් ගෙන ඒමට හැකි බව මාගේ විස්වාශය යි. නෙට්බෝල් ශ්‍රේණිගත කිරීම්වල දී ලෝකයේ 17 වන ස්ථානයේ අපි සිටිනවා. එය අපිට ලොකු ගෞරවයක්. නෙට්බෝල් ලෝක කුසළානය අපේ රටට ගේන්න පුලුවන් කියන සුබ නිමිති, පෙර නිමිති අපිට තිබෙනවා.

    නෙට්බෝල් ක්‍රීඩාව සදහා අවශ්‍ය පහසුකම් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මමත්, අමාත්‍යාංශ ලේකම්තුමාත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් තිබෙන අඩුපාඩු හා ඔවුන්ට ලැබිය යුතු පහසුකම් පිළිබදව ඔවුන්ගෙන් විමසීමක් කළා. එතන දී මට දැනගන්න ලැබුණා එක් ක්‍රීඩිකාවක් වෙනුවෙන් දිනකට ආහාර සදහා ඩොලර් 41 ක් වෙන් කර ඇති බව. ආහාර සදහා එම මුදල ප්‍රමාණවත් නැති බව මා හට වැටහුනා. එය අවශ්‍ය පරිදි වැඩි කර දීමට මම තීන්දු කළා. ඒ සදහා අවශ්‍ය මුදල ක්‍රීඩා අරමුදලෙන් ලබා දීමට කටයුතු කරනවා. වෙනත් අඩුපාඩු තිබෙනවා ද යන්න මම එහි දී ක්‍රීඩිකාවන්ගෙන් විමසා සිටියා. කිසිදු අඩුපාඩුවක් නොමැති බවත්, සියල්ල අංගසම්පූර්ණ ලෙස අමාත්‍යාංශය මගින් සිදු කර දුන් බවත් සංගමයේ සභාපතිතුමිය, ප්‍රධාන පුහුණුකාරිණිය, කණ්ඩායමේ නායිකාව ඇතුලු ක්‍රීඩිකාවන් පවසා සිටියා. ශ්‍රී ලාංකේය ධජය ලොව පළමු තැනට ගේන්න හැකියාව ලැබේවා යි මම ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමට සුබ පතනවා.

    2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සදහා සහභාගී වන ක්‍රීඩිකාවන්
    1. ගයන්ජලී අමරවංශ - නායිකා
    2. දුලංගි වන්නිතිලක - උප නායිකා
    3. තර්ජනී සිවලිංගම්
    4. සේමිනී අල්විස්
    5. හසිතා මෙන්ඩිස්
    6. එම්.ඒ.ඉදුෂා ජනනි පෙරේරා
    7. එල්.රෂ්මි දිව්‍යාංජලී පෙරේරා
    8. බාෂිනී ද සිල්වා
    9. චතුරංගි ජයසූරිය
    10. මල්මි හෙට්ටිආරච්චි
    11. ගයානි දිසානායක
    12. දීපිකා දර්ශනී අබේකෝන්
    අතිරේක ක්‍රීඩිකාවන්
    13. තිසලා අල්ගම
    14. ලක්මාලි බණ්ඩාර
    15. තිළිණි වත්තේගෙදර ( තරගාවලිය සදහා සහභාගී නොවන බව ලිඛිතව දැනුම් දී ඇත.)

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya