අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 වර්ෂයේ ජාතික ක්‍රීඩා දිනය සමරයි

    අගෝස්තු 10, 2022

    2022 වර්ෂයේ ජාතික ක්‍රීඩා දිනය සමරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාශීලී නිරෝගී දිවියකට වැදගත් වන යෝගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.


    1948 වසරේ එංගලන්තයේ ලන්ඩන් හි පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයට සහභාගී වූ ඩන්කන් වයිට් මහතා එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට උරුම කර දුන්නේ 1948 ජූලි 31 වන දිනයි. ශ්‍රී ලංකාව ලබා ගත් පළමු ඔලිම්පික් පදක්කම ද එයයි.

    ඩන්කන් වයිට් මහතා ශ්‍රී ලංකාවට ඔලිම්පික් රිදී පදක්කම හිමිකර දුන් දිනය සිහිකරමින් ජූලි 31 වන දින ජාතික ක්‍රීඩා දිනය ලෙස විශේෂ ගැසට් පත්‍රයක් මගින් පසුගිය වසරේ දී නම් කරනු ලැබීය. 

    මෙම අවස්තාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ක්‍රීඩා සංවර්ධණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya