අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල- කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක්

    අගෝස්තු 04, 2022

     2022 Birmingham පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින් සමත් වුනා.

    පැරා මලල ක්‍රීඩා F42-44/61-64 කාණ්ඩය යටතේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත, එහි දී මීටර් 44.20ක දස්කමක් දක්වමින් දෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරන්නට සමත් වීම විශේෂත්වයක්. පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසගත වන අතර එම දස්කම පාලිතගේ ක්‍රීඩා දිවියේ වාර්තා කළ හොඳම දස්කම ලෙස සටහන් වනවා.

    ඒ සමඟ මලල ක්‍රීඩාවෙන් (පැරා සහ සාමාන්‍ය) ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගිය අතර ලබන සිකුරාදා (05) කාන්තා මීටර් 1500 සහ කාන්තා දුර පැනීම ඉසව් නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න සහ සාරංගි සිල්වා ක්‍රීඩා පිටියට පිවිසීමට නියමිතයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya