අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනයි

    අගෝස්තු 04, 2022

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් අද(04) සමත් වෙයි

    අවසන් තරගයට සහභාගී වූ යුපුන් එම තරගය තත්පර 10.14ක කාලයකින් අවසන් කළේ තුන්වැන්නා ලෙසයි. ඒ සමඟින් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙස යුපුන් ඉතිහාසගත වුනා.මෙය වූ අතර 1998 වසරින් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වීමට යුපුන් සමතු වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව දිනූ සිව්වැනි පදක්කම ලෙස ද සනිටුහන් විය.

    අවසන් පූර්ව වටය තත්පර 10.20ක කාලයකින් සිව්වැන්නා ලෙස අවසන් කළ යුපුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එම කාලය ප්‍රමාණවත් වුනා. මූලික වටයේ දී තත්පර 10.06ක කැපී පෙනෙන කාලයක් වාර්තා කරමින් පළමුවැන්නා ලෙස අවසන් කරන්නට ද යුපුන් අබේකෝන් සමත් වුනා. මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට ද හිමිකම් කියන යුපුන් මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් තත්පර 10ට අඩු කාලයකින් ඉසව්ව අවසන් කළ පළමු දකුණු ආසියානුවා ලෙස ද ඉතිහාසගත විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya