මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පැසල් පාපන්දු තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා පුහුණු කඳවුරු

    සැප්තැම්බර් 04, 2014
    සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියට පූර්වගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එම තරගාවලියට සහභාගීවීමට නියමිත දුෂ්කර පාසැල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු කඳවුරක් පසුගිය දා රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී  පැවැත්විණි. 
     
    කෑගල්ල, රුවන්වැල්ල සහ යටියන්තොට මැතිවරණ කොට්ඨාස තුන නියෝජනය  කරමින් පාසල් පාපන්දු ක්‍රීඩිකාවන් 25 දෙනෙකු මෙම කඳවුරුට සහභාගී වූහ.
     
    ශ්‍රී ලංකා පාපන්දු සංම්මේලනයේ අනුමැතිය ලද පුහුණු උපදේශකයන්ගේ තාක්ෂණ උපදෙස් ඇතුළු විධිමත් පුහුණුවීම් ලබාදුන් මෙම ක්‍රීඩා කඳවුර කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා විසින් සංවිධානය කරනු ලැබ තිබිණි. 
     
    සමස්ත ලංකා පාසැල් කාන්තා පාපන්දු පුහුණු සංචිතයට අයත් ක්‍රීඩිකාවන් 30 දෙනා අතුරින් 09 දෙනෙක් ම සබරගමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරති. ඔවුන් අතර 19න් පහළ කාණ්ඩයට ක්‍රීඩිකාවන් 06ක් ඇතුළත් වන අතර ඉතිරි තිදෙනා වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයට අයත් වෙති.
     
    මෙකී ජාතික පුහුණු සංචිතයට මෙන් ම පසුගිය දා රුවන්වැල්ල ක්‍රීඩාංගණයේ පැවති පුහුණු කඳවුරුට සහභාගි වූ ක්‍රීඩිකාවන් අතර සබරගමුවේ දුෂ්කරතම පාසලක් සේ සැලකෙන රුවන්වැල්ල පහළ කණුගල විද්‍යාලයේ දැරියන් ද වෙති.
     
    පහළ කණුගල විද්‍යාලයේ ළමුන් 300ක් පමණ ඉගෙනුම ලබන අතර පාපන්දු ක්‍රීඩාවට අමතරව එහි දරුදැරියෝ රගර් ක්‍රීඩාවට ද සුවිසෙස් දස්කම් පාති. ඔවුන් අගයමින් පසුගිය දිනෙක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් එම දරු දැරියන් සඳහා ක්‍රීඩා පාවහන් ඇතුළු උපකරණ රැසක් ලබාදී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් පුහුණුකරු ජේ.ඒ. ලලිත් ජයසිංහ මහතා පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya