අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් පිළිබඳ චෝදනාව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයකි - ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති

    සැප්තැම්බර් 04, 2014

    “ශ්‍රී ලංකාවේ අනම්‍යශීලීත්වය“ (Sri Lanka's Intransigence) මැයෙන් අගෝස්තු 23 නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ කතුවැකිය ශ්‍රී ලංකාව පිළිබඳ අසංවේදී ප්‍රකාශයක් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් මහතා එම පුවත්පතේ ලිපියක් පළකරමින් ප්‍රකාශ කර ඇත.

     

    ශ්‍රී ලංකාව 1931 වසරේ සිට කිසිදු බාධාවකින් තොර ව ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විඳියි. පසුගිය 2013 වසරේ සැප්තැම්බර් මාසයේ දී පළමු වරට උතුරු පළාත වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට ලක් රජය කටයුතු කර ඇත. උතුරේ ජනතාවට මෙන් ම එහි දේශපාලනික පරිසරයට ද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ බලපෑම්වලට ලක් වීමට සිදු වූ නිසා දශක දෙකක පමණ කාලයක් එවන් මැතිවරණයක් පැවැත්වීම ප්‍රමාද විය.


    මානව හිමිකම් සම්බන්ධ ව ලොව සෙසු රටවල්, ශ්‍රී ලංකාව හා සන්සන්දනය කරමින් ගෙනයන ක්‍රියාමාර්ග අසාධාරණ බව කාරියවසම් මහතා එහිදී අවධාරණය කෙරීය.


    එසේ ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබා නොදෙන හේතුව නම් එම නියෝගයේ ඇති පමණ ඉක්මවා බලතල ක්‍රියාත්මක  කිරීමේ ස්වාභාවය නිසා බවද තානාපතිවරයා සඳහන් කර ඇත.
     

    එසේම ලක්‍ෂ තුනක් වූ යුද්ධයෙන් අවතැන් වූ ජනයා යළි පදිංචි කර, 11,000ක් පමණ හිටපු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නැවත පුනරුත්ථාපනය කිරීම වැනි කටයුතු ඇතුළු ශ්‍රී ලංකාව සමාජ ආර්ථික හා දේශපාලනමය වශයෙන් මේ වන විට ලබා ඇති ප්‍රගතිශීලීත්වය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවන් පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇත. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයකි. 


    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනම්‍යශීලී බව හේතුවෙන් දශක තුනක් පුරා ශ්‍රී ලංකා රජය විසින් සාමය උදාකරගැනීමට විශාල ප්‍රයත්නයක් දැරුවද ඒ සියලු අවස්ථා අකර්මණ්‍ය වූ බව කාරියවසම් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

     

    ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ දේශීය වගකිව යුතු යාන්ත්‍රණය දැන් ඉතා ශක්තිමත් වීම තුළින් අත්කරගෙන ඇති අන්තර් සමාජ, සංස්කෘතික සහ ජනවාර්ගික නම්‍යතාව ගෞරවසම්පන්නයි.

     

    එය එක්සත් ජාතීන්ගේ ක්‍රියාපටිපාටිය වන බාහිර පෙළඹවීම් මත ස්වකීය අභිමතා ඉෂ්ට කරගැනීමට දරන ප්‍රයත්නයෙන් රටේ ජාතික සංහිදියාවේ දුෂ්කර සමබරතාවට බාධාවක් බවත් එම ලිපියෙහි සඳහන් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya