අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට බි‍්‍රතාන්‍යයෙන් කෝටි 350ක්

    සැප්තැම්බර් 04, 2014
    ශී‍්‍ර ලංකාව බිම් බෝම්බවලින් තොර දේශයක් බවට පත් කිරීම සඳහා උතුරේ වළ දමා තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.6ක (රුපියල් කෝටි 350ක) මුදලක් ශී‍්‍ර ලංකාවට ලබාදීමට බි‍්‍රතාන්‍ය රජය පියවර ගෙන ඇත.


    මේ වසරේ ජූලි මාසයේ සිට මාස 18ක කාලයක් බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක බව උතුරේ මුහමලේ ප‍්‍රදේශයේ වළ දමා තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා ප‍්‍රකාශ කරයි. එම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල බි‍්‍රතාන්‍යයේ හෙලෝ ට‍්‍රස්ට් ආයතනය කටයුතුවල නිරතව වී සිටී.

     

    2013 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය අග‍්‍රමාත්‍ය ඩේවිජ් කැමරන් මහතා විසින් බි‍්‍රතාන්‍ය රජයේ නවතම ආධාර වැඩසටහන යටතේ බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 1.6ක මුදල ශී‍්‍ර ලංකාවට ලබා දීමට තීරණය කෙරිණි.

     

    NDH/priu

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya