නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා පැතිරීමේ වේගය පාලනය අසීරුයි- UN සෞඛ්‍ය නිලධාරීන්

    සැප්තැම්බර් 04, 2014

    ඉබෝලා වෛරසය බටහිර අප්‍රිකාවේ පැතිරයාමේ වේගය ඉහළ ගොස් ඇති අතර එය පාලනය කිරීම අසීරු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් ඊයේ (03) ප්‍රකාශ කර ඇත.


    පෙර නො වූ විරූ මෙම වසංගතය පාලනයට යටත් කර ගැනීමට නම් ඩොලර් මිලියන 600කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බව ඔවුන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

     

    පසුගිය හතළිස් වසරක ඉතිහාසය තුළ දුටු භයානකම හා විශාල අවදානමක් සහිත පාලනය ඉතා සංකීර්ණ වසංගතය මෙම ඉබෝලා වෛරසය බව UN අධ්‍යක්ෂ ජෙනරල් මාග්‍රට් චෑන් මහත්මිය ප්‍රකාශ කළ බව ෂින්හුආ පුවත්සේවය ගෙනහැර දක්වයි.


    බටහිර අප්‍රිකාවේ ඉබෝලා පැතිරීමේ වේගය පාලනය අසීරු බව චෑන් මහත්මිය පවසා ඇත. UN ප්‍රධානී හෙළිදරව් කරන ආකාරයට මෙම මාරාන්තික වෛරසය ආසාදිතයින් 3500කට අධික බව තහවුරු වී ඇති අතර 1900කට වැඩි පිරිසක් වෛරසයෙන් මිය ගොස් ඇත.
     

    මෙම තත්ත්වය පාලනය කිරීමට එම රටවලට ඩොලර් මිලියන 600කට වැඩි මූල්‍යමය සහය අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ ඉබෝලා සම්බන්ධ UN ජාත්‍යන්තර සම්බන්ධීකාරක ඩේවිඩ් නැබැරෝ මහතා ප්‍රකාශ කර ඇත.

     

    මෙම වෛරසය මැඬපැවැත්වීමට හා එම රටවලට සහය දැක්වීමට ජාත්‍යන්තරය දරන වෑයම නිෂ්ඵල කරමින් මේ වන විට මෙම වෛරසයේ පැතිරීම නිසා බටහිර අප්‍රිකාවේ ආර්ථිකය සංකීර්ණ ලෙස පහළට ඇද වැටීමට ඉඩ ඇති බවට නැබැරෝ මහතා අනතුරු අඟවයි.

     

    ගුවන් සමාගම් ගුවන් ගමන් අත්හිට වූ නිසා එම රටවලට සහනාධාර හා අත්‍යවශ්‍ය ප්‍රතිපාදන සැපයීම මේ වන විට වෙළඳ ගුවන් මඟින් සිදු කරන බව UN අවධාරණය කරයි.

     

    මෙය අප්‍රිකානු වෛරසයක් ලෙස නොසලකා මෙම තත්ත්වය පාලනය කිරීමට ජාත්‍යන්තරයේ සහය දැඩිව අවශ්‍ය බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

     

    SDF

    Evolution of the 2014 Ebola outbreak

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya