අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරේ ජනතාවගේ ක්‍රීඩකයා සංගක්කාර - වසරේ ක්‍රීඩකයා මැතිව්ස්

    සැප්තැම්බර් 04, 2014

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ වාර්ෂික ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙල ඊයේ (03) රාත‍්‍රියේ පැවැත්විය.


    එහිදී වසරේ ජනතාවගේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර සම්මානයෙන් පිදුම් ලැබීය. මෙය ඔහු එම සම්මානය දිනාගත් තුන්වන අවස්ථාවයි.
     

    2014 වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා හා හොඳම ක්‍රීඩකයා (Best All-Rounder) සම්මාන ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හිමිකර ගත්තේය. මැතිව්ස් හොඳ ම එක්දින පිතිකරුවා ලෙසද සම්මාන ලැබීය.

     

    සංගක්කාර, මැතිව්ස් විසින් ටෙස්ට් අංශයේ හොඳ ම පිතිකරුවන් ලෙසද සම සම්මාන හිමිකරගත්හ.


    විස්සයි විස්ස හොඳ ම පිතිකරු ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මාන හිමිකරගත් අතර විස්සයි විස්ස සහ එක්දින හොඳ ම පන්දු යවන්නා යන දෙඅංශයෙන් ම ලසිත් මාලිංග සම්මානයෙන් පිදුම් ලැබීය.

     

    ටෙස්ට් අංශයේ හොඳ ම පන්දු යවන්නා රංගන හේරත්.


    වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මානය හිමිකරගත්තේය.
     

    කාන්තා ක්‍රිකට් අංශයෙන් චමරි අතපත්තු ක්‍රීඩිකාව හොඳ ම එක්දින පිතිකාරිණිය ලෙස සම්මාන ලැබුවාය. හොඳම එක්දින පන්දු යවන්නිය හා හොඳම ක්‍රීඩිකාව (Best All-rounder) ලෙස ශෂිකලා අතපත්තු සම්මාන හිමිකර ගත්තාය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya