අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනතාවගේ හදවත් තුළ ශ‍්‍රී ලංකාවට සුවිශේෂ තැනක් තියෙනවා - චීන උප විදේශ ඇමති කියයි

    සැප්තැම්බර් 03, 2014
    නව චීනය ස්ථාපනය කළ අවස්ථාවේදී බටහිර රටවල් චීනයට එරෙහිව සම්බාධක පමුණුවා තිබියදී ශ‍්‍රී ලංකාව චීනයට උපකාර කළ බැවින් චීන ජනතාව ශ‍්‍රී ලංකාවට විශේෂ සැලකිල්ලක් දක්වන බව චීනයේ විදේශ උප ඇමති ලියු ජියන්කාවෝ මහතා පැවසීය.


    ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව චීනය විශේෂ උනන්දුවක් දක්වන බව ද ලියු ජියන්කාවෝ මහතා පැවසීය. 

     

    ලියු ජියන්කාවෝ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලාංකික හා පාකිස්තානු ජාතික මාධ්‍ය වාර්තාකරුවන් කණ්ඩායමක් චීන විදේශ අමාත්‍යංශයේ දී හමු වූ අවස්ථාවේ දී ය. ශ‍්‍රී ලංකා - චීන දෙරටේ ජනතාව අතර අන්තර් සුහදතා වර්ධනය මෙහි පරමාර්ථය බව ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

     

    මෙම මස සිදු කරන චීන ජනාධිපතිතුමාගේ ඓතිහාසික සංචාරයත් සමග සියලු ශී‍්‍ර ලාංකිකයිනට විශාල වශයෙන් ප‍්‍රතිලාභ ලැබෙන ප‍්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කරන බව ද හෙතෙම සඳහන් කළේය. 

     

    මේ අතර නගර දුම්රිය මාර්ග සංවර්ධනය, වරාය ව්‍යාපෘති සහ හම්බන්තොට දෙවන අදියර පිළිබඳ විශේෂයෙන් සලකා බලන බව ද ඒ මහතා පැවසීය.

     

    චීන විදේශ අමාත්‍යංශ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යැන් ජිඇරොංග් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya