අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු මාසය තුළදී නීතිවිරෝධී යාත්‍රා පැමිණ නැහැ- ස්කොට් මොරිසන්

    සැප්තැම්බර් 03, 2014

    ස්වෛරී සීමා මෙහෙයුම් වාර්තා අනුව අගෝස්තු මාසය තුළදී සංක්‍රමණිකයන් රැගත් නීතිවිරෝධී යාත්‍රා ඔස්ට්‍රේලියාවට ළඟා වී නොමැති බව ඕස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පසුගිය සඳුදා පවසා ඇත.

     

    ස්වෛරී සීමා මෙහෙයුම් ආරම්භ කළ පසු හොර බඩු ජාවාරම් හෝ වෙනත් සැක කටයුතු සංක්‍රමණිකයින් සොයා නොගෙන තවත් මාසයක් පසුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

     

    2014 වසරේ මෑතකදී ඉන්දීය හොර ජාවාරම්කරුවන් පිරිසක් මෙම මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඔස්ට්‍රේලියානු ආගමන අධිකාරියට භාර දී ඇති අතර අගෝස්තු මාසයේදී මෙම පිරිස නාවුරු දූපත් වෙත යවා ඇත.

     

    2013 වසරේ මුල් මාස 8 හිදී මගීන් 18,800ක් රැගත් නීතිවිරෝධී යාත්‍රා 268ක් ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුළු වී තිබේ.

     

    මෙම මගීන් නාවුරු හා මැනුස් දූපත්වල 300කට වැඩි සරණාගත කඳවුරු වෙත භාර දී ඇත.

     

    අගෝස්තු 27 වන විට නාවුරු දූපතේ පිහිටුවා ඇති සරණාගත කඳවුරු 179කින් 34 දෙනෙකු සරණගතයින් දන්ත සහකයින්, විදුලි ඉංජිනේරුවන්, වඩුවන්, ගෙවතු වගා කරන්නන් සහ පාසල් ගුරුවරුන් ලෙස නාවුරු දූපතේ සේවය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.‍

     

    තමන්ගේ ම දේශීය ව්‍යාපාර ඇරඹීම සඳහා ව්‍යාපාර බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කරන ලෙස තවත් සරණාගත කඳවුරු 12කට රජය අවවාද කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya