මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා සමස්ත ශූරතාව දුම්බර බන්ධනාගාරයට

    සැප්තැම්බර් 03, 2014
    අඛණ්ඩව වසර 03ක් පුරා මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට දුම්බර බන්ධනාගාර කණ්ඩායම සමත් විය.


    මහනුවර මහ රෝහල් කණ්ඩායම, එහි අනුශූරතාව දිනාගැනීමට සමත් විය. පසුගියදා  මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවති මෙම ක්‍රීඩා උළෙල සඳහා රාජ්‍ය සේවා ආයතන 30කට අධික සංඛ්‍යාවක් සහභාගි විය.  මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ‍මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලැබුවේ තෙවෙනි වරටයි.

     

    මේ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව සහිත කුසලානය මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා විසින් දුම්බර බන්ධනාගාර අධිකාරී එච්.ඒ.එම්.එස්.බී. සේනානායක මහතා වෙත පිරිනමන ලදී.  දුම්බර බන්ධනාගාර කණ්ඩායමේ නායක සහකාර බන්ධනාගාර අධිකාරි  ප්‍රසාද් හේමන්ත මහතා ද මේ අවස්ථාවට එක්විය. 

     

    NDH/TA-dmu kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya