මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැරම් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් අටදෙනෙක්

    සැප්තැම්බර් 03, 2014

    ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් හා ක්‍රීඩකයන් සිව් දෙනෙක් සිව් වැනි කැරම් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් රෝහිණී මතායස් මහත්මිය විසින් රජයේ ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කරන ලදී.


    සිව් වැනි කැරම් ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් 13 සිට 17 වැනිදා දක්වා මාල දිවයින්හිදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    කැරම් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව, මාලදිවයින්, ඉන්දියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියාව, මැලේසියාව, පෝලන්තය, පකිස්තානය, එංගලන්තය, ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් 16ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී විමට නියමිතය.

     

    තෙවන කැරම් ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශූරයා (2012) බවට පත් වූ නිශාන්ත ප්‍රනාන්දු ක්‍රීඩකයාද මෙවර තරගාවලියට සහභාගී වේ.
     

    ඒ අනුව චමිල් කුරේ ගේ නායකත්වයෙන් යුත් නිශාන්ත ප්‍රනාන්දු (කැරම් ලෝක ශූරයා 2012), මොහොමඩ් ෂහීඩ් හා එච්.ආර්.එම්. හිල්මි යන ක්‍රීඩකයන් පිරිමි කණ්ඩායම නියෝජනය කරන අතර ජෝශප් රොසිටා ගේ නායකත්වයෙන් යුත් චලනි ලක්මාලි, මධුෂිකා කාංචනමාලා හා අරෝෂා වික්‍රමසිංහ යන ක්‍රීඩිකාවන් කාන්තා පිල නියෝජනය කරති.


    ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම ක්‍රීඩික ක්‍රීඩිකාවන් මේ දිනවල මහරගම ශ්‍රී ලංකා කැරම් සම්මේලන පරිශ්‍රයේදී පුහුණුවීම් කටයුතු සිදු කරන බව මතායස් මහත්මිය පවසුවාය.
     

    තරගාවලිය සඳහා පුහුණුකරුවන්, ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇතුළු පිරිස සැප්තැම්බර් 12 වන දින මාල දිවයින් බලා පිටත් වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

    කැරම් ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් මාල දිවයින් වැනි සුන්දර දිවයිනක මෙම කැරම් ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කළ බවත් මාල දිවයින් කැරම් සංවිධානයේ මැදිහත්කමින් මෙම තරගාවලිය සඳහා එරට ජාතික මාධ්‍ය ආවරණය ලබා දීමටත් එකඟ වී ඇති බව ජාත්‍යන්තර කැරම් සම්මේලනය සඳහන් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya