අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්දුල වර්ණපුර සමුගනී

    ඔක්තෝබර් 18, 2021

    ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අද(18) අභාවප්‍රාප්ත වී ඇත. අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතාගේ අභාවය සිදුව තිබේ.

    මිය යන විට 68 හැවිරිදි වියේ පසුවූ වර්ණපුර මහතා, 1975 සිට 1982 දක්වා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 4 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කළේය. ඔහු දකුණත් ආරම්භක පිතිකරුවෙකු මෙන්ම දකුණත් මැද වේග පන්දු යවන්නෙකුද විය.

    මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ ලැබූ සහ පළමු පන්දුව යැවූ ක්‍රීඩකයාද වේ. ජාතික ක්‍රිකට් පුහුණුකරුවෙකු හා ක්‍රිකට් පරිපාලකයෙකු ලෙසද බන්දුල වර්ණපුර මහතා කටයුතු කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya