මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවල් රැසක් සම්පත් ලබා ගැනීමේ දුෂ්කරතාවයක - ලෙබනනයේ ද විදුලි සැපයුම බිඳ වැටේ

    ඔක්තෝබර් 11, 2021

    රටවල් රැසක් සම්පත් ලබා ගැනීමේ දුෂ්කරතාවයක - ඉන්දියාවේ තාප බලාගාර වල ගල් අඟුරු තොග ඇත්තේ දින දෙකකට පමණයි - ලෙබනනයේ ද විදුලි සැපයුම බිඳ වැටේ

    පවත්නා ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් හිඟයකට ද මුහුණ දෙමින් සිටී. ලොව බලවත්ම මෙන්ම ලොව වැඩිම ජනගහනයක් සිටින දෙවන රට වන අසල්වැසි ඉන්දියාවට ද මෙම සම්පත් හිඟය දැඩි ලෙස බලපෑම් එල්ල කොට තිබෙන අතර ඉන්ධන හිඟයක් හේතුවෙන් ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙකක් ද පසුගිය සෙනසුරාදා දින වසා දැමීමට ද කටයුතු කර ඇත.


    මේ වන විට ලෙබනනයේ විදුලි සැපයුම මුළුමනින්ම පාහේ බිදවැටීමට ලක් ව ඇති බව CNN මඟින් වාර්තා කොට තිබෙන අතරම එරට බළධාරීන් විසින් ලෙබනනයේ අත්‍යවශ්‍ය සේවා සඳහා වන සංචිත වලින් ඉන්ධන ලබා දී නිෂ්පාදන මධ්‍යස්ථාන වල විදුලිය අර්ධ වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බව ලෙබනනයේ රාජ්‍ය NNA ප්‍රවෘත්ති සේවය මඟින් ද වාර්තා කොට තිබේ.

    එමෙන්ම, ඉන්දියාවේ India Express වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට පන්ජාබ් ප්‍රාන්ත බලශක්ති සංස්ථාව එහි තාප බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයකට මුහුණපා සිටින බවත්, ඒ හේතුව නිසා එහි බලශක්ති උත්පාදනය අඩු කර ඇති බවත් වාර්තා කොට තිබේ. එමෙන්ම, පන්ජාබයේ බලාගාරවල ගල් අඟුරු ඉතිරිව ඇත්තේ එක දිනකට හෝ දෙකකට සෑහෙන තරම් බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

    එපමණක් නොව ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි තාප බලාගාරයේ ගල් අගුරු එක දිනකට පමණක් ඉතිරිව ඇති බවත් එමඟින් දිල්ලියට විදුලිය ලබා ගත හැක්කේ දිනක් හෝ දෙකක් පමණක් බවත්, ඉදිරිය සදහා ගල් අඟුරු තොග නොමැති බවත් විදුලිබල ඇමති සත්යෙන්ද්‍රා ජයන් මහතා පසුගිය දා ප්‍රකාශ කොට තිබේ.

    ඉන්දියාව වැඩිවශයෙන් ගල් අඟුරු ආනයනය කරනු ලබන්නේ කැනඩාව, මොසැම්බික්, ඉන්දුනීසියාව සහ රුසියවා වැනි රටවල් වලින් වන අතර ඉන්දියාව විසින් පසුගිය මාසයේ දී ගල් අඟුරු ටොන් මිලියන 9.5 ක් පමණ ආනයනය කොට තිබේ.

    ඒ අනුව බලන කල ලොව බොහෝ රටවල් දැඩි ආර්ථික මෙන්ම සම්පත් ලබා ගැනීමේ දුෂ්කරතාවයකට ද මුහුණ දෙමින් සිටින විටෙක ලංකාව ද මෙවැනිම හේතුන් නිසා ජනතාව බොහෝ අපහසුතාවයන්ට ලක්ව තිබෙන අතරම ඇතැම් භාණ්ඩ වල මිල ඉහල යාම් ද දක්නට ලැබේ. එහෙත් පවත්නා ගෝලීය තත්ත්වය හුදෙක් ලංකාවට පමණක් වූ දෙයක් නොව සමස්ත ලොව සෑම රටකටම පොදු වූ තත්ත්වයක් බව මෙරට ජනතාව බුද්ධිමත්ව තේරුම් ගැනීම වටී.

    කෙසේ වුව ද, මෙම අපහසු කාල පරිඡේදය නිමාවක් දැකීමට නම් ජනතාව පක්ෂ පාට වලට නොබෙදී එකාවන්ව කටයුතු කල යුතු ව තිබෙන අතර හැකි තරම් සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතුව තිබේ. ඉන්දියාව, ලෙබනනය වැනි රටවල් ලංකාවට වඩා බොහෝ ආර්ථික මට්ටමින් ඉහළ තත්ත්වයන් තිබු රටවල් බව නොරහසක් වන නමුත් මේ වන විට එම රටවල් ද ලංකාව වැනිම අපහසුතාවයන්ට, සම්පත් හිඟකමට මුහුණ දෙමින් සිටි. එසේ හෙයින් හැකි තරම් මෙරට දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙහි රජයේ පූර්ණ අවධානය යොමුව
    ඇත්තේ මෙවැනි සිද්ධීන්ට මුහුණ දීමට පෙර මාවත සකසා දීම වෙනුවෙන් බව පෙනී යන කරුණකි.
    ජනතාව එක්ව නැඟී සිටිය යුතු කාලයත්, අපහසුතාවයන්ට එක්ව මුහුණ දීමේ කාලයත් එළැඹ තිබේ. බොහෝ පාඩම් උගැනීමට ද මෙම කාලය භාවිතා කරගත යුතුව තිබේ. එක්ව නැඟි සිටිය යුත්තේ ලාංකිකයින් ලෙස මිස පක්ෂ පාට දිනවීමට නොව රටේ අනාගතය උදෙසා පමණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya