බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිර්වාණය සිදු වූ නැගෙනහිර උත්තර් ප්‍රදේශ්හි කුසිනාරානුවර පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද දිනයේදී විවෘත කළේය. නැගෙනහිර උත්තර් ප්‍රදේශ්හි මෙම නගරයට පැමිණෙන මැති ඇමතිවරුන්, භික්ෂූන් වහන්සේලා සහ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිස සහිත පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පැමිණියහ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුත්, කැබිනට් ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් කොළඹ සිට කුෂිනගර් වෙත පැමිණියහ. ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 100 දෙනෙකු පමණ ද රාජ්‍ය ඇමතිවරුන් සිව් දෙනෙකු ද අනෙකුත් උසස් නිලධාරින් ද සිටියහ.
මෙම ඇමතිවරුන් අතර ගුවන් හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී වී චානක, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන්, දේශීය වෛද්‍ය ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ යන අය වූහ.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 22 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් විවිධ නිකායන් හා ප්‍රමුඛ විහාරස්ථාන වලට අයත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද කුෂිනගර් හි ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ උත්සවය නිමිත්තෙන් පැමිණි ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර වූහ.බුද්ධ ධර්මය වනාහි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධ කරන වැදගත් පාලමක් ලෙස සැලකේ. ක්‍රි.පූ 3 වන සියවසේදී බුදු දහම මෙරටට පැමිණීම හා සම්බන්ධ වන්නේ මිහිඳු මහා අරහතුන් වහන්සේ සහ පසුව අශෝක අධිරාජයාගේ දියණිය වූ සංඝමිත්තා තෙරණියගේ පැමිණීමයි. එවකට ලංකාවේ රාජ්‍ය විචාලය කළේ දේවානම්පිය තිස්ස රජතුමා බව ඉතිහාස ග්‍රන්ථ පවසයි. .
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ශිෂ්ඨාචාරගත සම්බන්ධතාවයේ ද බුද්ධාගම කේන්ද්‍රීය ය. මෙම බැඳීම අවධාරණය කරමින්, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ පැවති මාර්ගගත අථත්ය(virtual) සමුළුවේදී ද්විපාර්ශ්වික බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඩොලර් මිලියන 15 ක් ලබාදෙන බව නිවේදනය කළේය.
කුෂිනගර්හි පොහොසත් උරුමය හේතුවෙන් ගෝලීය සිතියමේ ප්‍රමුඛ ස්ථානයක් උහුලනු ලබයි. සම්බුද්ධ මහා පරිනිර්වාණය සිදුවූයේ මෙම ශුද්ධ නගරයේ දී ය. ශ්‍රාවස්ති, කපිල්වස්තු සහ ලුම්බිණි වැනි බෞද්ධ වැදගත්කමක් ඇති වෙනත් ස්ථාන ද පිහිටා ඇත්තේ කුෂිනගර් සිට වැඩි ඈතක වන්නට නොවේ.
මෙම සියලු සාධක මත තායිලන්තය, කාම්බෝජය, ජපානය, මියන්මාරය යන බෞද්ධ රටවල් කිහිපයකින්ම කුෂිනගර් වෙත සැදැහැවතුන්ගේ ආකර්ෂණය ඇතිකර ගැනීමට අවකාශය පවතී. COVID-19 වසංගත කාලයට පෙර ඔවුන් දිනපතා මහාපරිණිර්වාණ සිදු වූ භූමියේදී බෞද්ධ ආගමික වතාවත් වල නිරත වූහ. එබැවින් කුෂිනගර් හි ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා දිගු කාලීන ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතී.
ශ්‍රී ලංකාවෙන් කුෂිනගර් ගුවන් තොටුපලට සිදුකළ මංගල ජාත්‍යන්තර ගුවන් ගමන මඟින් කුෂිනගර් වෙත පැමිණෙන ගුවන් යානා ප්‍රමාණය සහ විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු බෞද්ධ රටවල සංචාරකයින් සංඛ්‍යාව ද වැඩි කිරීමට ඉඩ සලසේ.
ජාතීන් දෙක අතර නොනැසී පවතින අන්තර් පුද්ගල සම්බන්ධතා මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉන්දියාවෙන් ද ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ද මෙහිදී අවධාරණයට යොමු කළ යුතුය. ඇත්තෙන්ම පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් ඉන්දියාවේ සිට පැමිණ ඇත.
indianewsnetwork