මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    T20 තරඟාවලිය 3-0ක් ලෙස දකුණු අප්‍රිකාවට ජය

    සැප්තැම්බර් 15, 2021

    ශ්‍රී ලංකාව සමඟ ඊයේ(14) පැවති තුන්වන විස්සයි-20 තරඟයත් කඩුලු 10කින් ජයගනිමින් තරඟාවලිය 3-0ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායාම සමත් විය.

    කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 120ක් පමණි. කුසල් ජනිත් ලකුණු 39ක් සහ චාමික කරුණාරත්න ලකුණු 24 බැගින් රැස් කළේ ය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Bjorn Fortuin සහ Kagiso Rabada කඩුලු 2ක බැගින් ලබා ගත්තේ ය.

    පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු පිළ කිසිඳු කඩුල්ලක් නොදැවී පන්දුවාර 14.4කදී ලකුණු 121ක් ලබා ගනිමින් තරඟයේ ජය තමන් සතු කර ගත්තේ ය. ආරම්භක පිතිකරුවන් වන Reeza Hendricks ලකුණු 56ක් සහ Quinton de Kock ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය.

    අවසන් තරඟයේ සහ තරඟාවලියේ වීරයා බවට පත් වුනේ දකුණු අප්‍රිකානු පිළේ Quinton de Kock. ඒ අනුව තරඟ 3කින් සමන්විත වූ විස්සයි-20 තරඟාවලිය ශ්‍රී ලංකාව පරදා 3-0ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya