අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම “තානාපති කුසලාන” ක්‍රිකට් තරඟාවලිය වියානා හි දී

    සැප්තැම්බර් 18, 2021

    ඔස්ට්‍රියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ඔස්ට්‍රියානු ක්‍රිකට් සංගමය එක්ව වියානාහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල තානාපති කාර්යාලවල සහභාගීත්වයෙන් ප්‍රථම “තානාපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය” සංවිධානය කරන ලදි. මෙම තරඟාවලිය පසුගිය දා වියානා හි ඩි ලා සැලේ ස්පෝර්ට්සෙන්ට්‍රම් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

    යුරෝපා හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ සහ කලා, සංස්කෘතික, සිවිල් සේවා හා ක්‍රීඩා ෆෙඩරල් අමාත්‍යාංශයේ නියෝජිතයින්, දූත මණ්ඩල ප්‍රධානීන්, බුද්ධි මණ්ඩල, ව්‍යවසායකයින්, සංචාරක නියෝජිතවරු, බ්ලොග්කරුවන් සහ සංචාරක සඟරා, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ලේඛකයින් මෙම උත්සවය සඳහා සහභාගී විය.

    ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් අටක් මෙම තරඟාවලිය සඳහා තම කණ්ඩායම් ඉදිරිපත් කළහ. තරඟාවලියේ අවසන් තරඟය සඳහා පාකිස්ථානු තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුදුසුකම් ලැබීය. පාකිස්ථාන තානාපති කාර්යාලය “තානාපති කුසලානය” දිනා ගත් අතර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය අනුශූරතාව දිනා ගත්තේය. චාන්සරි ප්‍රධානී චරිත වීරසිංහ මහතා සහ පළමු ලේකම් ලියාකාත් අලි වොරෙයිච් මහතා පිළිවෙලින් ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කණ්ඩායම් මෙහෙයවීය.

    මෙම තරඟාවලිය සඳහා යුරෝපා හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය, කලා, සංස්කෘතික, සිවිල් සේවා හා ක්‍රීඩා පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ නිලධාරින් සඳහා වූ මිත්‍රශීලී ක්‍රිකට් තරඟද පැවැත්විණි. මෙම ක්‍රීඩා පිටිය බැනර්, කොඩි සහ පසුබිම්වලින් කදිම ලෙස අලංකාර කර තිබූ අතර, “SO SRI LANKA” නාමකරණය ප්‍රදර්ශනය කෙරිණි. ආරාධිතයින් සඳහා ලොව හොඳම “ලංකා තේ” ද පිරිනමන ලදි. ශ්‍රී ලංකාව ඇතුළු සහභාගී වූ සියලුම රටවල සංගීතය වාදනය වූ අතර සෑම රටක්ම තම සාම්ප්‍රදායික ආහාරපාන ප්‍රදර්ශනය කරමින් සත්‍ය ලෙසම උත්සව වාතාවරණයක් ඇති කළහ.

    මෙම ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා අමුත්තන් 300 කට අධික ප්‍රමාණයක් පැමිණ සිටි අතර ඔස්ට්‍රියානු ජාතිකයින් අතර ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රදර්ශනය කිරීමට සහ
    නාමකරණය කිරීමට ද ශ්‍රී ලංකාවට හැකි විය. තානාපති කාර්යාල කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඕස්ට්‍රියාවේ දී පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya