මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ICC T20 ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    සැප්තැම්බර් 12, 2021

    2021 විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගීවන 15දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද(12) නම් කළේ ය. තරඟාවලිය ඔක්තෝබර් මස 17 වනදා ආරම්භ වන අතර අවසන් මහා තරඟය නොවැම්බර් 14 වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.

    කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වයට ධනංජය ද සිල්වා නම් කර තිබෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයේදී ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගත් මහීෂ් තීක්ෂණ ද මෙම සංචිතයට ඇතුළත්ව තිබේ. මීට අමතරව පල්ලකැලේ පැවැති ආරාධිත විස්සයි-20 තරගාවලියේදී වැඩි අවධානයක් දිනා ගත් තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුශංකවද නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනා අතරට ඇතුළත් වේ. පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ප්‍රධාන ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් 4දෙනෙකුට ද සංචිතය සඳහා නම් කිරීමට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මදුශංක, මහීෂ් තීක්ෂණ.

    අතිරේක – ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග. (ලෝක කුසලාන කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් සිවු දෙනාටද සංචාරයට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ.)

    මෙවර තරඟාවලියේදී සුදුසුකම් ලැබීමේ පලමු වටයේදී ශ්‍රී ලංකා පිළ A කාණ්ඩය යටතේ අයර්ලන්තය, නැමීබියාව හා නෙදර්ලන්තය සමඟින් තරඟ වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගී වන පලමු තරඟය ඔක්තෝබර් 18 වැනිදා නැමීබියාව සමග පැවැත්වෙනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිළ, ඕමානය සමඟ පැවැත්වෙන තරගාවලියක් සඳහා ද සහභාගිවනු ඇත.

    මින් පෙර මෙම තරඟාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට සූදානම් කර තිබුණ ද එරට තුළ කොවිඩ් වසංගතයේ වැඩිවීමත් හේතුකොට ගෙන පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඹ්මානයේ දී පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya