අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරාලිම්පික් පදක්කම්ලාභී දිනේෂ්ට සහ සමිතට මූල්‍ය ත්‍යාග

    සැප්තැම්බර් 07, 2021

    2020 ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩකයින් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට මුල්‍ය ත්‍යාග පිරිනැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(07) පැවති කැබනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඊයේ(06) දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය වෙත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව පැරාලිම්පික් තරගාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ (F46 කාණ්ඩයේ) තරග ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට සහ පිරිමි හෙල්ල විසිකිරීමේ (F64 කාණ්ඩයේ) තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ සමිත දුලාන් කොඩිතුවක්කු මෙම ත්‍යාග හිමි වනු ඇත.

    මීට අමතරව එම ක්‍රීඩකයින් දෙදෙනාගේ පුහුණුකරුවන් දෙදෙනාට ද ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ පරිදි මූල්‍ය ත්‍යාග පිරිනැමීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya