තවමත් 21 වැනි වියෙහි පසුවන මහේෂ් පසුගියදා නිමා වූ ආරාධිතයන්ගේ පන්දුවාර විස්සයි-20 තරඟාවලියේදී පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ ක්රීඩකයෙකි. අද තරඟය සඳහා ශ්රී ලංකා පිලේ වෙනස්කම් 3ක් සිදු කර ඇති අතර දිනේෂ් චන්දිමාල් කඩුලු රකින්නා ලෙස හා ආරම්භක පිතිකරුවෙකු ලෙසද ක්රීඩා කරනු ඇත. මීට අමතරව වමතින් සහ දකුණතින් යන දෙයතින්ම පන්දු යැවිමේ සුවිශේෂී දක්ෂතාවයක් ඇති කමිදු මෙන්ඩිස් ද තුන් ඉරියව් ක්රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව තිබේ.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. මෙම තරඟයේ තීරණය අනුව තරඟාවලියේ ජයග්රහණය තීරණය වන බැවන් දෙපිලටම ඉතා වැදගත් මෙන්ම තරඟය තියුණු මුහුණුවරක් ගනු ඇත..