අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

    සැප්තැම්බර් 07, 2021

    දකුණු අප්‍රිකානු පිළ සමඟ අද(07) පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 78කින් ජයග්‍රහණය කරමින් එක්දින තරඟාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දීවා-රාත්‍රී තරඟයක් ලෙස පැවති අද තරඟයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. අද තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමට පා දඟ පන්දු යවන්නෙකු වන මහේෂ් තීක්ෂණ සමත් වුනා. කලක් කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටි දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් ද සමගින් වෙනස්කම් 3ක් ද සහිතව අද තරඟයට ශ්‍රී ලංකා පිළ පිවිසියේ ය.

    ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් හට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ අතර ලකුණු 64ක් වන විට ශ්‍රී ලංකා පිළේ කඩුලු 3ක් දවා ගැනීමට ද.අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් විය. ඉන්පසු පිටියේ එක්වූ ධනංජය ද සිල්වා හා චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිම යම්තාක් දුරකට ගොඩනැගීමට උත්සාහයක් ගත්තද ධනංජය ලකුණු 31කට සහ අසලංක ලකුණු 47කට දැවී යාමත් සමඟ නැවතත් ශ්‍රී ලංකා ඉනිම අඩපණ විය. කෙසේ වෙතත් පසුපෙළ පිතිකරුවන්ගේ උත්සාහයත් සමගින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකිවිය.

    පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු පිළේ Keshav Maharaj කඩුලු 3ක් ද George Linde හා Tabraiz Shamsi කඩුලු 2ක බැගින් ලබා ගැනීමට සමත් විය. ඒ් අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ඉලක්කයක් ඔවුනට හිමිවුනි.

    දකුණු අප්‍රිකානු ඉනිමේ ආරම්භයේ සිටම සාර්ථක වීමට අවකාශයක් ලබා නොදුන් වේග පන්දුයවන දුෂ්මන්ත චමීර, Reeza Hendricks හා Rassie van der Dussen ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේ පැයට කිලෝමීටර් 140ත් - 145ත් අතර වේගයකින් පන්දු යවමින්. තම මංගල එක්දින තරඟයේ පලමු පන්දුවෙන්ම මෙම තරඟාවලිය පුරාම ලකුණු අතරට පිවිසි Janneman Malan ලකුණු 18කට දවා ගැනීමට මහේෂ් තීක්ෂණට හැකි විය. දිගින් දිගටම අසාර්ථ වූ දකුණු අප්‍රිකානු මැද පෙළ හා පසු පෙළ පිතිකරුවන් සියලු දෙනා පන්දුවාර 30කදී ලකුණු 125කට දවා ගනිමින් තරඟයේ ජය තමන් සතු කර ගැනීමට නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා පිළ සමත් විය.

    මහේෂ් තීක්ෂණ පන්දුවාර 10 දී ලකුණු 37කට කඩුලු 4ක් ද දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුලු 2ක බැගින් දවාගත්තා. දකුණු අප්‍රිකානු පිළේ වැඩිම ලකුණු ලාභියා වුනේ ලකුණු 22ක් ලබාගත් කඩුලු රකින ක්‍රීඩක Heinrich Klaasen.

    ඒ් අනුව තෙවන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගනිමින් තරඟ 3කින් සමන්විත තරඟාවලිය 2-1ක් ලෙස ශ්‍රි ලංකා පිළ ජය ගත්තේ සුවහස් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුකරමිනි.

    තරඟයේ වීරයා සම්මානය දුෂ්මන්ත චමීරට හිමි වූ අතර තරඟාවලියේ වීරයා සම්මානය චරිත් අසලංක විසින් දිනා ගනු ලැබීය. තරඟ 3කින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා විස්සයි-20 තරඟාවලියේ පලමු තරඟය ලබන 10 වනදා ආරම්භ වීමට නියමිතයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya