මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කියයි

    පෙබරවාරි 24, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31 කදී ලකුණු 1754 ක් සහ එක්දින තරග 235 කදී ලකුණු 6951 ක් රැස් කර ගැනීමට උපුල් තරංග සමත්ව තිබේ. එහිදී එක්දින ශතක 15ක් හා ටෙස්ට් ශතක 3ක් ලබා ගැනීමටද ඔහු සමත්ව තිබෙනවා.

    2019 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන් හිදී අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වූ උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 22 කදී හා විස්සයි-20 තරග 6 කදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙසද කටයතු කර තිබේ.

    තවද, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග වලදී වැඩිම ශතක ලාභී පිතිකරුවන් අතර පස්වැනි ස්ථානය හිමි කර ගැනීමටද උපුල් තරංග සමත්ව ඇත. සිය සමුගැනීම පිළිබඳව දැනුම් දී සිටින තරංග සිය වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලබා දුන් සහයෝගය සහ මඟ පෙන්වීම පිළිබඳව සිය ස්තූතිය පුද කර තිබේ.

    -Sri Lanka Cricket-

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya