මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

    පෙබරවාරි 19, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ වේග පන්දු යවන්නෙකු වන ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    2006 වසරේ පෙබරවාරී 25 දින බංග්ලාදේශ පිළ සමඟ පැවති එක්දින තරඟයෙන් ජාත්‍යන්තර පිටියට පිවිසි ධම්මික ප්‍රසාද්, ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර 24කදී හා ටෙස්ට් තරඟ 25කදී නියෝජනය කර ඇත.

    එහිදී එක්දින කඩුළු 32ක් හා ටෙස්ට් කඩුළු 75ක් ලබා ගැනීමට ඔහු සමත්ව තිබේ. ඔහු අවසාන වරට ශ්‍රී ලංකා පිළ නියෝජනය කළේ 2015 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති ටෙස්ට් තරඟාවලියේදීය. ඔහුගේ හොදම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ 2014 වසරේ එංගලන්තය සමඟ හෙඩිංග්ලි හිදී පැවති දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී ලකණු 50කට කඩුලු 5ක් දවා ගැනීමයි. ඔහුගේ එම පන්දු යැවීම එම තරඟය ශ්‍රී ලංකා පිළ ජයගැනීමටත්, එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය ජයගැනීමටත් ඉවහල් විය.

    ජාත්‍යන්තර පිටියට සමුදෙන 37 වියැති ධම්මික ප්‍රසාද් SSC කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් සුපිරි වේග පන්දුයවන්නෙකු ලෙස හඳුන්වා දිය හැක. වේග පන්දු යව්න්නන් අතර පැ.කි. 140 - 145 අතර වැඩි වේගයකින් පන්දු යැවිය හැකි පන්දු යවන්නෙකු ලෙසද ඔහු ප්‍රචලිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya