අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා හා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

    පෙබරවාරි 24, 2021

    පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආයෝජන කටයුතු සමඟ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමසඳහා දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැහතා සිය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ 23 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

     

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු විසින් පාකිස්තානඅග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත දිවා භෝජන සංග්‍රහයක් අද (24) දින කොළඹෂැංග්‍රිලා හෝටලයේදී සංවිධානය කරනු ලැබීය.


    පාකිස්තාන අගමැතිවරයාගේ දෙදින නිලසංචාරය සදහා මෙරටට පැමිණි ප්‍රභූවරුන් ද සහභාගී වූ මෙම දිවා භෝජන සංග්‍රහයට විදේශඅමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්, මෙන්මක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිසක්ද විශේෂයෙන් එක් විය.පාකිස්තාන අගමැතිවරයා සමග සමකාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙක්ද සහභාගී වූහ.


    මෙම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයාවිසින් පාකිස්තාන අගමැතිවරයා වෙත යෝජිත ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය (කිරිමණ්ඩල මාවතේ ගොඩනැගීමට නියමිත) පිළිබද අවධානයයොමු කළ අතර, ඊට අමතරව ක්‍රීඩා දත්ත විශ්ලේෂක කේන්ද්‍රය සහ ක්‍රීඩා විද්‍යාපර්යේෂණාගාරය පිළිබදව දැනුවත් කිරීම ද සිදු කරනු ලැබීය. මේ තුලින් කලාපීය ක්‍රීඩකයින්ගේඋසස් දක්ෂතා ගොඩ නැගීම පිළිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා එහි සාර්ථකත්වයේ වැදගත්කමඅවධාරණය කළේය.


    පෙබරවාරි 23 වන දින අග්‍රාමාත්‍යමහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවේදී ක්‍රීඩා යටිතල පහසුකම්වැඩිදියුණු කිරීම සදහා පාකිස්තානු රුපියල් මිලියන 52 ක මුදලක් ලබා දීමටත්,ඉදිරියේදී වැඩි වශයෙන් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මකකිරීමටත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් සහතික විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya