මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ ගංවතුර හා නායයෑම් නිසා ලෙඩ රෝග පැතිරීමේ අවදානමක්

    අගෝස්තු 19, 2014

    නේපාල සෞඛ්‍ය නිලධාරීන් විසින් එරට ගංවතුර හා නායයෑම් නිසා ඇති වූ අපද්‍රව්‍ය මිශ්‍ර ජලය හේතුවෙන් ලෙඩ රෝග පැතිරීමේ අවදානමක් පවතින බව නිවේදනය කරන ලදී.

     

    අධික වර්ෂාවත් සමග නේපාලයේ ප්‍රදේශ රැසක ගංවතුර හා නායයෑම් තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 101කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 136කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව කත්මන්දු ඒජන්සිය වාර්තා කරයි.

     

    එමෙන්ම, මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇති අතර වාර්තා වේ.


    විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස ආහාර, බෙහෙත් ඖෂධ හා සහන සේවකයන් සමඟ හෙලිකොප්ටර යානා හතරක් රටේ බටහිර ප්‍රදේශයට යැවූ බව නේපාල රජයේ හදිසි ආපදා සේවා මධ්‍යස්ථානය පැවසීය.

     

    ඉරිදා සිට කාලගුණික තත්ත්වය යහපත් වූ බැවින් විපතට පත්වූවන්ට සහන සැලසීමට උපකාරී වන බව රජයේ නිලධාරීහු වාර්තා කළහ.

    සහන සැලසීමේ කටයුතු සඳහා මේ වන විට ප්‍රාදේශීය මාර්ග භාවිත කිරීමට ද නිලධාරීහු උත්සහ කරති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya