අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් සමාගම් කිහිපයක් එබෝලා පැතිර ඇති රටවල් වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    අගෝස්තු 18, 2014

    ගුවන් සමාගම් කිහිපයක් ඉබෝලා පැතිර ඇති රටවල් තුනක් ලෙස දැනට හදුනාගෙන ඇති ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියොන් වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ බ්‍රිටිෂ් එයාවේස් (British Airways), එමිරේට්ස් (Emirates Airlines), ඇරික් එයා (Arik Air) සහ අ ස්කයි (A SKY) යන ගුවන් සමාගම්ය.


    නයිජීරියාව එබෝලා වෛරසය පැතිරීමට ආරම්භ වූ තවත් රටක් ලෙස පසුගිය මාසයේ අගභාගයේදී හඳුනා ගන්නා ලදී. ඒ නයිජීරියාවේ ලැගූස් නගරය වෙත පියාසර කරමින් සිටි අ ස්කයි (ASKY) ගුවන් යානයකදී එබෝලා වෛරසය වැළඳුන ලයිබීරියන් ඇමරිකන් පුද්ගලයෙකු නිසා තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටද වෛරසය බෝ වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ පසුවය.


    කෙන්යානු රජය විසින් ද එබෝලා පැතිර ඇති ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියොන් වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පසුගිය සතිඅන්තයේදී නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
     

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ගුවන් ගමන් අත්හිටුවීම සම්බන්ධව ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කළ අතර එම තීරණය ප්‍රතික්ෂේප ක‍ළේ ගුවන් ගමන් මඟින් මෙම වෛරසය පැතිරීමට ඇත්තේ ඉතා අඩු අවධානමක් බවත්  පවසමිනි.


    කෙසේවෙතත්, ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා කිරීම නිසා දෛනික වෙළඳ කටයුතු අඩාල වීමෙන් එබෝලා වෛරසය පැතිර ඇති රටවල ආර්ථිකයට ඉතා අහිතකර තත්වයක් උදා වෙනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශයට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවතින ගිනියාවේ ආර්ථික වර්ධනය වන 4.5% මෙම වසරේදී  3.5% දක්වා පහත වැටී ඇති බව පෙන්වා දේ.

     

    ඉබෝලා වෛයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් එම රටවලට ලබාදීමට කැනඩාව ඉදිරිපත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

     

    මෙම එන්නත මේ වන විට පරික්ෂණයට ලක්කර ඇත්තේ සත්වයින් පමණක් යොදා ගනිමින් බව වාර්තා වේ. ඉබෝලා වෛරසයෙන් පීඩා විඳින පිරිස් සඳහා පරික්ෂණ මට්ටමේ ඖෂධ ලබා දීමට පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර ලබා දී තිබුණි.


    ඒ අනුව අදාළ එන්නතේ මාත්‍රා 800ත් 1000ත් අතර ප්‍රමාණයක් බටහිර අප්‍රිකානු රටවල බෙදාහැරීමට කැනඩාව ඉදිරිපත්ව ඇති බව සඳහන්ය.

     

    ඒ අනුව අදාළ එන්නත සහ ස්මැප් නමැති ඖෂධය ඉබෝලා රෝගීන්ට ලබා දීමට තිරණය කර ඇත. නමුත් සතුන් වෙනුවෙන් පමණතක් පරීක්ෂණයට ලක්කර ඇති මෙවන් පරීක්ෂණ මට්ටමේ ඖෂධයක් රෝගීන්ට ලබා දීම සදාචාරාත්මකදැයි ප්‍රශ්නයක්ද පැන නැගී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya