මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් ජය

    අගෝස්තු 18, 2014

    සංචාරක පකිස්තානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවත්වුණු අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (18) ශ්‍රී ලංකාව ලකුණු 105ක විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය.

    තරගය ජය ගැනීම සඳහා පකිස්ථානු කණ්ඩායමට ලකුණු 271ක ඉලක්කයක් ලැබී තිබුණත් ඔවුන්ගේ ඉනිම ලකුණු 165කට සීමා කිරීමට ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන් අද සමත් විය.

     

    මුලින්ම පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා ක්‍රීඩකයන් ලකුණු 320ක් ලබා ගත් අතර දෙවන ඉනිම සඳහා ලකුණු 282ක් රැස් කර ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු ක්‍රීඩකයන් පළමු ඉනිම සඳහා ලකුණු 332ක් ලබා ගත් අතර දෙවන ඉනිමේදී ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණි.‍


    මෙය මහේල ජයවර්ධන සහභාගි වූ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය වීම විශේෂත්වයකි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya