අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතියේ ප‍්‍රණාමය

    අගෝස්තු 01, 2014

    ජාතික හා ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග ජයගෙන රටට හා ජාතියට මහත් අභිමානයක් උරුම කළ උතුරු මැද පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතියේ ප‍්‍රණාමය හිමිවන බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය හා ක‍්‍රීඩා අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    අමාත්‍යවරයා එම අදහස් පළ කළේ 2012 හා 2013 වසරවල පැවති 38-39 වෙනි ජාතික ක‍්‍රීඩා තරගවලදී හා ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගවල දී ජයගත් උතුරු මැද පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රීඩා උපහාර දැක්වීමේ උළෙලට සහභාගී වෙමිනි.

     

    උතුරු මැද පළාත් සභා ශ‍්‍රවණාගාරයේ ඊයේ (31) පැවති මෙම ක‍්‍රීඩා උපහාර උළෙල පළාත් ක‍්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ තිබුණි. මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 186 දෙනකු හා ක‍්‍රීඩා පුහුණුකරුවන් 62 දෙදෙනෙකු උපහාර තිළිණ ලැබූහ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය. "නියඟයෙන් රජරට වැව් පොකුණු ඇළ දොළ සිඳී වියළී ගොස් තිබුණත් ආර්ථීක අපහසුතා හා දහසක් ප‍්‍රශ්න හා ගැටලු අබිබවමින් උතුරු මැද පළාතේ දරුවන් ජාත්‍යන්තර හා ජාතික ක‍්‍රීඩා තරගවලදී අනගිභවනීය ලෙසත් අභිමානයෙන් යුතුවත් සිය කුසලතා දක්වා ජයග‍්‍රහණය උරුම කර ගත්තා. මෙම දරුවන් උතුරු මැද පළාතට පමණක් නොව මුළු රටටම ගෞරවයක්. උතුරු මැද පළාතේ ක‍්‍රීඩා සංගම් හා පාසල් දරුවන්ගේ ක‍්‍රීඩා කුසලතා නගාසිටුවීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීම මත මධ්‍යම රජය හා පළාත් සභාව දැවන්ත වැඩපිළිවෙළක් අරඹා තිබේ."

     

    මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් නූතන ලෝකයේ ක‍්‍රීඩාව යනු ජව සම්පන්නයන්ට පමණක් නො ව බාල, මහළු, තරුණ සැමට ක‍්‍රීඩාව යනු අනාගත සංවර්ධනයට ආයෝජනයක් බවත් පුද්ගලයා නගාසිටුවීමට ක‍්‍රීඩාව උපකාර කර ගත යුතු බවයි. ඒ අනුව අනුරාධපුරයේ හා පොලොන්නරුවේ අංගසම්පූර්ණ ක‍්‍රීඩාංගණ දෙකක් ඉදිකිරීමට මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇති අතර ගම නැඟුම යටතේ ග‍්‍රාමීය ක‍්‍රීඩාංගණ ඉදිකරමින් සිටින බවත් ඔහු කීය.

     

    ජාතික හා ජාත්‍යන්තර ක‍්‍රීඩා තරග ජයගත් ක‍්‍රීඩකයන් සේ ම ගම් මට්ටමේ ක‍්‍රීඩකයන් වෙනුවෙන් ද මෙවැනි වර්ණ ප‍්‍රදානය කිරීමේ උත්සව පැවත්විය යුතු බවත් එවිට ඔවුන්ගේ දක්‍ෂතා ඔප් නැංවීමට ශක්තියක් වනු ඇත. 2017 පැවත්වෙන ලෝක ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා සංගම් හා පාසල් මට්ටමේ ක‍්‍රීඩකයන් පුහුණු කිරීමේ සංචිත අරඹන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    එච්.එම්.ආර්.බී.හේරත්, පළාත් අමාත්‍යාංශ ලේකම් ආනන්ද කුලරත්න, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ අජන්තා ගුණවර්ධන, පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සරත් ඉලංගසිංහ, උපාලි විජේකෝන් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya