අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පෝෂණ දීමනාවක්

    ජූලි 31, 2014
    අතීතයේදී ගම්බද දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නැංවීම සඳහා කිසිවෙකු අත නොදුන්නත් වර්තමානයේ එසේ නොවන බවත්, නාගරික පාසල් සඳහා ලබා දී ඇති සෑම පහසුකමක් ම නාගරික දරුවන් වෙනුවෙන්ද ලබා දී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසීය.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගියදා කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ දීමනා ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.
     
    "ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104 දෙනෙකු සඳහා රුපියල් 260000ක් බෙදා දෙනු ලබනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා මාසිකව ඔවුන්ට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මෙම මුදල් පරිත්‍යාග කෙරේ. එමෙන් ම සෑම විද්‍යාලයක ම ඉතා දක්ෂ ක්‍රීඩා උපදේශකයින් සිටීම නිසා අපේ ගම්බද දරුවන්ටත් ජාතික තලය දක්වා මෙන්ම ජාත්‍යන්තරවත් ක්‍රීඩාවෙන් තමන්ගේ දක්ෂතා පෙන්නුම් කිරීමටත් හැකියාව ලැබී තියෙනවා. 
     
    දැයට කිරුළෙන් වයඹ විශ්වවිද්‍යාලයේ දරුවන්ට අක්කර භාගයක් පුරා විහිදුණු අංග සම්පූර්ණ ක්‍රීඩාගාරයක් ඉදිකර දී තිබෙන බවද පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසුවේ, මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන් ලබා දී ඇති බවයි.
     
    ECB/SA_dmu_Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya